IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මහින්දගේ ආණ්ඩුවට එන්න ටීඑන්ඒ බෑ කිව්වා - කරුණා අම්මාන්

(හර්ෂණ තුෂාර සිල්වා)

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) මහතා අද (5) පැවැසීය.

දෙමළ ජාතික සන්ධානය සමඟ තවමත් සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් කරමින් මුරලිදරන් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

ඩයස්පෝරාවේ සහාය ඇතිව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමඟ දැනටත් සාකච්ඡා පැවැත්වෙන බව විනයාගමූර්ති මුරලිදරන් මහතා නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබිණි. ඔහු එහි ‘සුබ පැතුම් සුමන්තිරන්’ යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාට සුබ පැතුම් ද එක් කර තිබිණි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේ ද කීය.

“ඔව්, අපි සාකච්ඡා පැවැත්වූවා. අමාත්‍ය ධූරයක් ගෙන දෙමළ ජනතාවට සේවය කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. එහෙත් තවමත් සාකච්ඡා අවසන් නැහැ. තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනවා”

විනයාගමූර්ති මුරලිදරන් මහතා සමඟ කිසිදු දේශපාලනයක් නැතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛ සේනාධිරාජා මහතා පැවැසීය.

“ඔහුත් සමඟ අපට කිසිදු දේශපාලනයක් නැහැ. එවැනි සාකච්ඡාවක් තිබුණේ නැහැ” යැයි ඔහු කීවේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට සහාය දෙන බවත් දෙමළ ජාතික සන්ධානය නොවැම්බර් 3 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.



අදහස් (3)

මහින්දගේ ආණ්ඩුවට එන්න ටීඑන්ඒ බෑ කිව්වා - කරුණා අම්මාන්

Pablo Monday, 05 November 2018 04:10 PM

අනේ හොඳයි ..........

:       0       75

AnandaR Monday, 05 November 2018 04:43 PM

මෙයා මේ මොකටද එන්න හදන්නේ?

:       0       49

Mahee Tuesday, 06 November 2018 07:42 AM

කපුකම් කරන්න ගිහින් කපුවා කපෝති වෙලා වගේ!

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1988 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 626 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site