IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිහිදු හිමියන්ගේ ආදාහනය සිදු වී ඇත්තේ අම්පාර රජගලදී

(නිමල කොඩිතුවක්කු)                

මිහිදු මහරහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අම්පාර රජගලදී සිදුව ඇති බව එම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ සෙල්ලිපියක් මගින් තහවුරු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.

මිහිදු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ පවා රජගල පුරාවිද්‍යා භූමියෙන්  සොයා ගෙන තිබෙන බවද අමරතුංග මහතා සඳහන් කළේය.

රජගල පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.

       “රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය අවුරුදු ගණනාවක් සම්පූර්ණයෙන් සංරක්ෂණ කටයුතු වලින් ඈත්වෙලා තිබුණා.  තවත් කාලයක් ගත වුණා නම් ඒ ඉතිහාසය මැකී යන්න ඉඩ තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු  මානව සම්පත ප්‍රමාණවත් නොවුන නිසා  සංරක්ෂණ කටයුතුවලට ව්‍යාපෘතියක් ලෙස සෘජුව මැදිහත් වෙන්න කියලා ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් ඔවුන්  ඉල්ලීමක් කලා.

ලංකාවේ විශ්ව විද්‍යාලයක් විසින් සංරක්ෂණය කරපු විශාලතම භූමිය තමයි රජගල කියන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා  අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ත බී. මණ්ඩාවල මහතා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් මෙම සංරක්ෂණ කටයුතු සිදුකළා.

අක්කර 1500ක් පමණ ඇති මෙම භූමිය පුරා  සංරක්ෂණය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක කෞතුක භාණ්ඩ දහස් ගණනක්  තිබෙනවා.

මිහිදු මහරහතන් වහන්සේගේ ආදාහනය සිදුවෙලා තියෙන්නේ රජගලදී කියලා එහි තිබූ එක් සෙල්ලිපියකින් හොයාගෙන තියෙනවා. ඒ අවුරුදු 2200කට කලින්   එහි ඉදිකර තිබුණු සෙල්ලිපියකින්  උන්වහන්සේගේ  භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නෙත් එම ස්ථානයේම බවට සනාථ වෙලා තියෙනවා.

හරියටම 2200 පිරෙන දවසේ තමයි අපි රජගල ඓතිහාසික චෛත්‍යයේ  ධාතුන් වහන්සේ තැන්පත් කළේ.

මිහිදු  මහරහතන් වහන්සේ ලංකාවට වැඩි බවට සාක්ෂිය තියෙන්නේ මිහින්තලේ සෙල්ලිපියෙයි.  නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒවා  මැකී ගොස් තිබෙනවා.

නමුත් රජගල තියෙන මෙම සෙල්ලිපිය නිරුපද්‍රිතයි. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවේ වැඩසිටි බවත් මෙහිම අපවත් වූ බවත් ආදාහන කටයුතු සිදුකර භස්මාවශේෂ තැන්පත් කළ බවත්  රජගල සෙල්ලිපිය සාක්ෂි  සපයනවා.

මෙම සෙල්ලිපියේ රහතන් වහන්සේලාගේ කුටි  විශාල ප්‍රමාණයක් ලංකාවේ පැවතුණා කියා සඳහන් වනවා.

උන්වහන්සේලාට දානය පිළිගන්වා තිබෙන ආකාරය නූතන කළමනාකරණ ක්‍රමවේදයටත් ඉතා වැදගත් වෙනවා. දානය පිළිගැන්වීමේදී ස්වාමීන්වහන්සේලාට ලදුපතක් නිකුත් කරලා තියෙනවා. දානය සඳහා වැඩ සිටින රහතන් වහන්සේ පවා ඒ පිළිබඳව මුළුතැන්ගෙයට දැනුම් දිය යුතු වනවා.

මේ භික්ෂූන් වහන්සේලා පානය සඳහා ජලය ලබා ගෙන තියෙන්නේ පීල්ලක් මගින්. ඒ පීල්ලෙන් අදටත් ජලය ගලනවා.  ඒ ජලය විශාල ගල් පාත්තර දෙකකට එකතු වෙනවා. ඒ පාත්තර දෙකෙනුයි උන්වහන්සේලා ජලය ලබාගෙන තියෙන්නේ. පාත්තර දෙකෙන් පැන් ගන්නත් ලදුපත් නිකුත් කරලා තියෙනවා. පැන් අවශ්‍ය ප්‍රමාණය කොපමණද ආදී වශයෙන් මනා කළමනාකරණයක් එහි සිදුව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා  අධ්‍යයන අංශය  මගින් මෙම කටයුතු ඉදිරියටත් කරගෙන යනවා. භාවනානුයෝගීව වැඩසිටින  භික්ෂූන්වහන්සේලාගේ පහසුව සඳහා මෙහි ඇති සීත ලෙන් පිළිබඳවත් අපි කැණීම් සිදුකරමින් පවතිනවා” යැයිද සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවැසීය.

 

 



අදහස් (0)

මිහිදු හිමියන්ගේ ආදාහනය සිදු වී ඇත්තේ අම්පාර රජගලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31142 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13279 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site