IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මුහුදට පොලිතින් දමන රටවලින් 5වැනි තැන ශ්‍රී ලංකාවට

(විනීතා එම් ගමගේ)
 
සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කරන රටවල් අතරින් 5වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද, එම චෝදනාව නැති කර ගැනීමේ වගකීම සියලු දෙනාටම ඇතැයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
ඇතැම් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති එම චෝදනාවට පිළීතුරු දීමට නම් සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම ක්‍රමානුකූලව අවම කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
 
අමරවීර මහතා මේ අදහස් පළ කළේ උස්වැටකෙයියාව වෙරෙළේ දී මාධ්‍ය අමතමිනි. වෙරළට ඇතැම් පුද්ගලයින් විසින් බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත අපද්‍රව්‍ය යොදා ගනිමින් කලා ශිල්පි ලලිත් සේනානායක මහතා විසින් උස්වැටකෙයියාව වෙරළේ නිර්මාණය කර තිබෙන ඇත් රූපය නැරඹීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
 
සාගර දූෂණයට බරපතල ලෙස බලපාන ප්ලාස්ටික් හා පොලිතීන් නිසා වාර්ෂිකව අප රටේ මත්ස්‍ය අස්වැන්න පවා ක්‍රම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බව අධ්‍යයනයන් මගින් තහවුරු ව ඇතැයි අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.  ඊට හේතුව මයික්‍රොප්ලාස්ටික් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
 
දික්ඕවිට ධීවර වරායට දිනකට ප්ලාස්ටික් බෝතල් 24,000ක් පමණ සාගරයේ සිට එකතු වන බවත් තමන් ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ  නිලධාරින් සමග සාකච්ඡා කර ශ්‍රමදානයක් පවා පැවැත්වූ බවත් හෙළි කළ අමාත්‍යවරයා ධීවර කටයුතු සඳහා නික්ම යන ධීවරයින්ට කුඩා ප්ලාස්ටික් බෝතල්වලින් ජලය ගෙන යාම පවා තහනම් කළ බව ද කියා සිටියේය. එමෙන්ම ධීවර වරායෙන් සාගරයට යන විට ඒ ඒ බෝට්ටු ගෙන යන ප්ලාස්ටික් භාජන හා පොලිතීන් පිළිබඳව තමන් වාර්තාවක් තබා ගත් බවත් ඔවුන් ආපසු එනවිටත් ඒවා ආපසු ගෙන ආ යුතු බවත් සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය බැහැර කිරීම මුළුමනින්ම තහනම් කළ බවත් සිහිපත් කළේය. 


කුඩා දරු පරපුර  පරිසරයට ආදරය කරන පිරිසක් බවට පත් කිරීම නම් වැඩිහිටියන් ඔවුන්ට ආදර්ශමත් ලෙස ජීවත් විය යුතු යැයි ද නමුත් රටේ වැඩිහිටි පරම්පරාව අද අපේ පරිසරයට කරන විනාශය දුටු විට සැබවින්ම ලැජ්ජා විය යුතුය බවත් පැවසූ අමාත්‍යවරයා, සේනානායක මහතා ප්ලාස්ටික් හා පොලිතීන්වලින් පරිසරයට සිදුවන හානිය ගැන මෙම නිර්මාණයෙන් පෙන්වා දී ඇතැයි ද පැවැසීය.
 
1980 දී අපේ වාර්ෂික මත්ස්‍ය අස්වැන්න ටොන් ලක්ෂ 03ක් වූ නමුත්  2018 වනවිට එය ටොන් 53,000 දක්වා අඩුවී ඇතැයි ද ඊට ප්‍රධාන හේතුව සාගර ජලයට එකතු වන මයික්‍රොන ප්ලාස්ටික් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාම බවත් ඔහු පෙන්වා දුන්නේය. 



අදහස් (6)

මුහුදට පොලිතින් දමන රටවලින් 5වැනි තැන ශ්‍රී ලංකාවට

kamal Friday, 08 January 2021 10:01 AM

ලෝකයේ පළමුවැනි ස්ථානය දිනාගන්නා තෙක් අපි පසු නොබලා වැඩකරමු. මොනතරම් හොඳ දෙයක්ද? 5 වැනි තැන දිනාගැනීමට හැකිවීමත්..

:       1       12

Kamal KoyralaFriday, 08 January 2021 12:06 PM

ඔව්, අපි කෝවිඩ් 19 හොඳ කළ රට කියලා සර් ගිනස් වාර්තාවක් තිබ්බා කියලා මුට්ටි දේවි කිව්වනේ... සේරමත් එහෙමයි.

:       2       7

CHANDIMA Friday, 08 January 2021 04:44 PM

මදි හොඳටම මදි.. ආආසියාවේ පළමු තැනටවත් ඇවිත් නැතිනම් වැඩක් නැහැ.

:       0       5

Nandana Pererea Friday, 08 January 2021 07:18 PM

මේක මැන්න‌ේ ක‌ොහොමද කියන එක ප්‍රශ්නයක්? මීට වඩා පරිසරය විනාශ කරන රටවල් නැද්ද? කාලයක් වායුගෝලයට වැඩිපුරම කාබන්ඩයොක්සයිඩ් මුදාහරින රටක් ලෙස ලංකාව නම්කර තිබුණා. ඒ දර පිළිස්සිම නිසාලු.. මීට වඩා වාහන සහ කර්මාන්තශාලා තිබෙන රටවල් නැද්ද? බටහිර යුද්ධ වලින් හා අත්හදා බැලිම් වලි්න් කොපමණ පරිසරයට හානි සිදුවෙනවද?

:       0       0

69lakshaya Saturday, 09 January 2021 04:59 AM

දෙන්නම් සපෝර්ට් එක ලංකාව ලෝකෙන්ම 1වැනි තැනට ගන්න.

:       0       0

Roshan Saturday, 09 January 2021 05:09 AM

පොලිතීන් තහනම් කරන එක ප්‍රායෝගික නෑ. සමහර අවස්ථාවලදී පොලිතීන් අවශ්‍ය වෙනවා. කරන්න ඕනේ පොලිතීන් බෑග් එකකට රු.10 වගේ අවම මිලක් නියම කරන එක. ලැබෙන ආදායමෙන් කොටසක් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයට යොදවන්න ඕනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28500 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10985 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site