IMG-LOGO

මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි

(යොහාන් භාසුර)

විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය.

විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නැමැතිවීම ගැටලුවට හේතුව බව කී රත්නායක මහතා පැවසුවේ මෙය විදුලි අර්බුදයක් නොව විදේශ විනිමය අර්බුදයක් වීම නිසා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, මහ බැංකුවට දුන් උපදෙස් ක්‍රියාත්මක නොවන බවත්ය.

විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අයවිය වියයුතු රුපියල් බිලියන 40 න් බිලියන 25 ක් සහ මහා භාණ්ඩාගාරය බිලියන 30 ක් ලෙස රුපියල් බිලියන 55 ක් දෙන්නේ නම් විදුලිබල ගැටලුව අවසන් වන බව ද සභාපතිවරයා කීය.  

ඉන්ධන නොමැතිවීමෙන් මෙගාවොට් 700 ක් පමණ නිෂ්පාදනය කරන විදුලිබලාගාර අක්‍රීය වීම විදුලි කප්පාදුවට හේතුව බවත් අඛණ්ඩව විදුලිය සැපයීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වීම නිසා ඉන්ධන අර්බුදයෙන් විදුලිය කප්පාදු නොකර සිටීම සඳහා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක නොවන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (7)

මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි

Shan Tuesday, 01 March 2022 07:54 PM

එක නීතියක් ගෙනාවා කියලා මේ අය ආවේ. දැන්නම් මේක එක රටක්ද කියලත් හිතෙනවා අපිට...

:       1       25

Sunil Tuesday, 01 March 2022 08:13 PM

තවත් ලොකුම විහිළුවක්... රටේ නායකයින්ට හොඳටම ගැලපෙනවා.

:       0       25

mp Tuesday, 01 March 2022 08:19 PM

මිනිස්සුන්ට තවත් වද නොදී විදුලිය දෙන්න. දැනටත් විදුලිය කැපීමේ සාධාරණකමක් නැහැ. දස ප්‍රදේශවලට විදුලිය කපන්නේම නැහැ. තවත් සමහර ප්‍රදේශවලට ඕනෑවටත් වැඩිය වේලාවක් විදුලිය කපනවා. ඕනේ නම් උදාහරණත් දෙන්න පුළුවනි. මේක බල්ලට ගිය රටක් දැන්...!

:       3       36

Kumara Tuesday, 01 March 2022 09:43 PM

ඩොලර් ගන්න මැදමුලනට ගියානම් නරකද?

:       0       0

Don perea Wednesday, 02 March 2022 10:07 AM

අමු කාලාද?

:       0       0

sharm warn Wednesday, 02 March 2022 10:21 AM

අනේ අපේ රට ඉතින් ... කාලයක් පුරාජේරු කිව්වා ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා.. දැන් ඉන්දියාවෙන් ණයට විදුලිය ඉල්ලන්න වෙලා. ආසියාවේ ආශ්චර්යය කියලා පම්පෝරි ගැහුවා. අද ආසියාවේ හිඟන්නා වෙලා. ඉන්දියාවත් මුදල් ඇමැතිව ගණන් ගන්නේ නැහැ. 69 ලක්ෂයක්ම පණුවෝ ඉන්නේ... 97%ක් පණුවෝ

:       0       1

fairoos Wednesday, 02 March 2022 12:32 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තොලොංචි වෙලා යන දවසට තමයි ලංකාවට සෙත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 159 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site