(රංජන් කස්තුරි)
මැණික් විද්‍යාව පිළිබඳ ප්‍රවීණයකු වන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය පී.ජී.ආර්. ධර්මරත්න මහතා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපතිධූරයට පත්කර තිබේ.
මැණික් විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් ප්‍රථමවරට හඳුන්වා දෙමින් එය මොරටුව විශ්ව විද්‍යාලය මගින් වසර 20ක් පමණ තිස්සේ ක්‍රියාත්මක කිරීමට පුරෝගාමී වූයේද මහචාර්ය ධර්මරත්න මහතාය.
මැණික් පිළිබඳව විවිධ පර්යේෂණ සිදුකර ඇති ධර්මරත්න මහතා එම කෙෂ්ත්‍රයේ සිටින ප්‍රවීණතම විශේෂඥයකු ලෙස ද ප්‍රකටය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහාචාර්ය ධර්මරත්නට සභාපති ධූරයක්
[email protected] Friday, 24 December 2021 05:07 PM
කළොත් හරියට කරන්න.. බැරිනම් එළියට. ඊට පස්සේ කියන්න එපා දූෂණ වලින් පිරිලා කියලා.
MamaFriday, 24 December 2021 09:04 PM
හරියට වැඩ කිරීමට නොව, දේශපාලකයාගේ ඕනෑ එපාකම් අනුව වැඩ කරනු ඇතැයි අපේක්‍ෂාවෙන් තනතුරු ලබා දෙන්නේ... හරියට වැඩ කිරීමට දේශපාලකයින් අවස්ථාවක් ලබා නොදෙන බව දැනගත් විගසම (ඉතා කොටි කාලයකින්) ඇතැමුන් ඉල්ලා අස්වේ. තවත් පිරිසක් දේශපාලකයාට අනුව යම් කාලයක් ක්‍රියාකර බොරුව දිගින් දිගටම සිදුකිරීමට හිත එකඟකර ගැනීමට ඇති අපහසුව මත ඉල්ලා අස්වීම හෝ ක්‍රමයෙන් මාධ්‍යයට සත්‍ය තත්ත්වය පෙන්වා දීමට (උදා. හිටපු කෘෂිකර්ම ලේකම්) උත්සාහ දරයි. එවිට දේශපාලකයා ඔහුට ඉල්ලා අස්වීමට බලකිරීම හෝ තනතුරෙන් පහ කිරීමට කටයුතු කරයි. තවත් පිරිසක් බොරුව, වංචාව කිරීමට සත්‍ය ලෙස අකමැති වූවද, කළ හෝ නොකළ වැරදි හා සම්බන්ධ චෝදනාවලට නඩු මඟින් හිරකර තිබීම හෝ ඒවායින් නිදහස පතා දේශපාලකයාගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීම සිදුකරන අතර ඉතිරි පිරිස දේශපාලකයාගේ අවශ්‍යතාවයට අනුව කටයුතු කරමින් තමාටද වංචා, දූෂණවලින් ලැබෙන මුදලින් යම් කොටසක් ලබා ගනිමින් තනතුරේ රඳී සිටියි...
K.A.B.Karunarathne Friday, 24 December 2021 10:53 PM
පිටදෙණිය විශ්වවිද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ එම්.එස්.සී. ඔහුගේ සන්ධානයෙන් ආරම්භ විය. සර්.
C.K.Lankaputhra Saturday, 25 December 2021 05:03 AM
පස්සට පයින් ගහලා එලවන දවසකුත් තියන බවත් මතක තියාගන්න. දන්නවානේ සභාපතිලාට වෙන දේ.
පතිරණ Saturday, 25 December 2021 07:46 AM
ඔබ අපට හා රටට සම්පතකි. සර්ට සුබ පතමි.
mohan Monday, 27 December 2021 09:51 PM
නිහතමානී මෙන්ම දක්ෂ ලේඛකයෙක්ද විය..
Aruna Wijeratna Tuesday, 28 December 2021 03:27 PM
මගේ සුබපැතුම්...!
H.E.jayaratna Saturday, 01 January 2022 09:59 AM
විෂය ගැන දන්නා අයෙකි... ඉතා හොඳයි.