අමදෝරු අමරජීව
මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිඳ දැමීම තව්හීත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලම් යනුවෙන් අප අතර ගැටිම ඉතා භයානක ක්‍රියාවක් බව නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ තව්හීත් ජමාත් පල්ලිය මුස්ලිම්වරු කඩා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මුස්ලිම්වරු තමන් අතර ගැටී තමන්ම විනාශ විය යුතු බව මෙවැනි සිදුවිම් ඇතිකර ඇති ත්‍රස්තවාදීන්ගේ අරමුණ බව කියන ආණ්ඩුකාරවරයා ඒවාට ඉඩ නොතැබිය යුතු බවත් තව්හීත්, තබ්ලික්, වහාබ්සම් ජමාත් ඉස්ලාම් යනුවෙන් ගැටීමෙන් ප්‍රශ්නයට පිළිතුරු සොයාගත නොහැකි බව කියයි.

මේ ප්‍රශ්නය ගැඹුරින් විග්‍රහ කර සමස්ත ලංකා ජම් ඉතුල් උලමා සභාව මුස්ලිම් නායකයන් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීන්දු ගත යුතු බව කියන ආණ්ඩුකාරවරයා ගම්වල තමුන්ගේ පෞද්ගලික කැමැත්තට පල්ලි කඩා බිද දැමිම නොකළ යුතු බව කියයි.
විශේෂයෙන් පල්ලි කැඩිම තවත් කණ්ඩායමක් විරුද්ධව නිවේදනය නිකුත් කිරිම, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ආගමික වශයෙන් පලිගැනිමට තැත්කිරිම ,ආගමික බේදිම් ඇති කිරිම ඉතා පහත් නින්දිත අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක් බව ආණ්ඩුකාරවරයා මක්කම සිට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලිය අන්තවාදීන් බිහි කරයි නම් එය කඩා දැමීම අල්ලා දෙවියන්ගෙන් සමාව ලැබිය හැකි උතුම් කාරණයකි!...
මෙයා නොකියා කියනවා... සියලු ඉස්ලාමික අයවලුන් සහරාන් අනුගාමිකයින් හැටියට සලකන්න කියලා. මෙතෙක් කල් මෙරට තුළ සිටි ඉතා හොඳ ගතිපැවතුම් හා සිරිත් විරිත් ගරුකරන ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් ආගමිකයින් මේවාගේ කාලකන්නි දේශපාලකයින් තමන්ට කරන්නා වූ මෙවන් නිග්‍රහ කොච්චරකල් ඉවසාවිද?
එතකොට පන්සල් කැඩීම, පිළිම කැඩීම වගේ දේවල් වලට අල්ලා දෙවියන් මොනවද දන්නේ නැහැ දෙන දඬුවම... එහෙම නැතිනම් අපි හරි දෙනවා. ලංකාවේ තව්හීත්, වහාබ්සම් කරන්න හම්බවෙන්නේ නැහැ. අර අහිංසක සුෆි මුස්ලිම් ජාතිකයින්ටත් මේ නිසා කරදරේ...
අනිත් පල්ලි කඩන එක හොඳද?
අලුතින් ඉදිකරපු සියලුම අාගමික ස්ථාන වහාම ඉවත් කරන්න ඕනෑ. තියෙන ඒවාට පිටින් ඒවා හැදුවාම තමයි මේ ඔක්කොම ගැටලු ඇතිවෙන්නේ...
ත්‍රස්තවාදය පැතිරවීමත්, ඒවාට අනුබලදීමත් අහිංසක පුරවැසියන්ගේ ජීවිත විනාශ කිරීමත් ආදී ක්‍රියාවලට සම්බන්ධ අය දේශපාලන හයිය මත මෙසේ වැජඹෙමින්, ප්‍රකාශද නිකුත් කිරීම කෙසේ ඉවසම්දැයි නොදනිමි.
සර්පයා දුටුවාද
කමල්ට ගහනකොට චංචලාට ඇඬෙනවා... මොකක්ද රහස?
ඔබ හරියට ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? නැගෙනහිර අරාබියක් කරලා, සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ අයිතීන් නැතිකරලා. ඔවුන්ට පහර දෙනකොට කොහෙද හිටියේ...? මේක අරාබි කොලනියක් කරන්න දඟලන්නේ අන්තවාදී මුස්ලිම් සුළුතරයක්... එ්කට විරුද්ධ වෙන්න ඕනේ මුස්ලිම් වරුන්මයි. සාම්ප්‍රදායික ශ්‍රී ලංකික මුස්ලිම්වරුන් සමග අපි එදත්, අදත් එකට හිට ගන්නවා. උඩරට සිංහල රජතුමා ඔවුන්ව පෘතුගීසින් මරද්දී බේරාගෙන උඩරට පදිංචිකලේ... එහෙම නැතුව ඔය අරාබියෙන් එක මුස්ලිම්වරයෙක් බේරගත්තේ නැහැ. ඒ සිංහල බෞද්ධ සමාජය තමයි ඔබට රැකවරණය දුන්නේ.. LTTE එකෙන් මුස්ලිම්වරු මරද්දී නැගෙනහිර අරක්ෂා කලෙත් සිංහල බෞද්ධයන් තමයි.. ඔය අරාබියෙන් ඔයාලට ලැබෙන්නේ අන්තවාදයත්, විනාශයත් පමණයි.
අල්ලාහ් දෙවියන් වෙන මොනවද කිව්වේ..?
ත්‍රස්තවාදයට සම්බන්ධ... පුද්ගලයින්, අවිආයුධ සහ අනෙකුත් සාක්ෂීන් හෙළිදරව් වෙන සෑම... මුස්ලිම් හෝ අනෙකුත් දේවස්ථාන.. පොළවට සමතලා විය යුතුයි..
එතකොට කතෝලික පල්ලිවලට බෝම්බ ගහනකොට කැපයිද?
පල්ලි බෝම්බ ගහපු එවුන්ට අල්ලාහ් දෙවියන් සමාව දෙනවද? ඒ අයගේ පල්ලි නැති භංගස්තාන කරන්න ඕනේ...
අල්ලාහ් දෙවියන් කිව්වා කියලා මෙයාලා කරන්නේ මහා පවුකාර නින්දිත ක්‍රියා.
මේ වෙලාවේ මේ කරදරවලින් ගැලවෙන්න රටට පෙනෙන්න එහෙම කැඩුවට අපේ හිත කැඩිලා නැහැ. හැමදාමත් ඉන්නේ එකටම තමයි. දැනට ඔහොම යමු.
අන්තවාදී මුස්ලිම් පල්ලිකැඩීම පමණක් නොව ඔය අන්තවාදය උගන්වන පාසල් කැඩීමට පවා දෙවරක් නොසිතන්න...! ඔය අරාබි දේශයෙන් මතුවන බිල්ලන් අපේ රටේ පාරම්පරික මුස්ලිම් ප්‍රජාව පමණක් නොව මුළු රටම අනතුරේ දැම්මා...!
කතෝලික පල්ලිවලට බෝම්බ ගහලා මිනිස්සු මැරුණට අල්ලා දෙවියෝ ඒකට මුකුත් කිව්වේ නැද්ද?
ඔහුව ආණ්ඩුකාර කලේ කවුද ?
හිවල් සම පොරවාගෙන ඉන්න මේ අන්තවාදීන්ට අපේ නායකයන් කියන ඇත්තෝ ඉහළ තනතුරුත් දෙනවා. රට පවා දීමේ පව ගෙවන්න වෙනවා.
මුස්ලිම් අන්තවාදීන් ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙනකොට ඔය කට ඇරුණේ නැහැ නේද
මේ කතාවෙන්ම පෙනෙනවා මොහුගේ තිබෙන පක්ෂපාතිත්වය.
ඔය පනින්නේ බළලා එලියට. මෙයාව අත්අඩංගුවට ගන්න ඔය කියන ඒවම ඇති.
මීට පෙර මේ දේවල් ගැන හිතන්න තිබ්බේ. පමා වුනා නේද
කිතුනු පල්ලිවලට බෝම්බ ගහන එක හොඳයි ?
මිනිස්සු තමන් අදහන ආගම වෙනුවෙන් යුද්ද කරනවා ,මරාගෙන මැරෙනවා ,තමන් අදහන ආගම පමණයි මෙලොව තිබිය යුත්තේ සිතා අනික් අයව විනාස කරනවා.මහා ඉහලින් වත් පිළිවෙත් කරනවා. නමුත් බෞද්ධ ,කතෝලික, ඉස්ලාම්, හින්දු භක්තිකයන් වශයෙන් අපි නොකරන එකම දෙය නම් තමන් අදහන ආගම අනුව ජීවත් නොවීම. ආගමික මතවාද නිසා අනික් වර්ගයා විනාස කිරීම කෙතරම් නින්දිතද.
ඒ මුස්ලිම් මිනිසුන්ගේ හිත්වල කැකෑරෙන අාවේගශීලි බව තමයි එතැනදී පෙන්නුම් කලේ පල්ලිය කඩා දැමීමෙන්. අල්ලාහ් දෙවියන් සමාව දෙන්නේ නැත්තේ එකම දහමක් තුළ පිල්වලට බෙදීමෙන් එතුමාගේ ආගම විකෘති කරන අයටයි.
මේ පල්ලි කඩන්න හොඳ නෑ කියන්නේ මේවගේ අන්තවාදය පතුරුවලා නැවත අහිංසක මිනිස්සු ටිකක් අමු අමුවේ මරන්න හිතාගෙන වෙන්න ඇති.
ඡන්ද වැඩිකරගන්න මේවගේ අයට ඉහළ නිලතල දීලා රට විනාශ කරගන්න හැටි...
එතකොට කතෝලික පල්ලිවලට ගහන එක භයානක නැද්ද?
එතකොට ක්‍රිස්තියානි පල්ලිවලට ගහලා මිනිස්සු මරණ එකට අල්ලා සමාව දෙනවා ඇති නේද?
ඔය පලිය මාධ්‍ය ඉදිරිපිටම කැඩුවේ ඔහෙගේ වරිගේ අයම නේද?
මේක අපිටද ත්‍රස්තවාදීන් කියන්නේ? හරිම හිනා. බදුර්දීන් මාධ්‍යවේදීන්ට කුඩු බිස්නස් කාරයන් කියලා කියූ එකේ අනික් එක තමයි මේ...
ඔබ ඔය කියන අදහන අය සිටින බහුතරයක් රටවල සිටින්නේ ත්‍රස්ත කල්ලි.
මක්කමටම වෙලා ඉන්නකෝ .....
මොහොමඩ් නබිතුමාගේ පුද්ගලික මතය තමයි කුරානේ තියෙන්නේ.. ඒක සාධාරණීය කරන්න යොදපු උප්පරවැට්ටිය තමයි කවුරුත් නොදැකපු දෙවියන්...