(කුෂාන් ජයවර්ධන)
කැකිරාව නගරයේ පිහිටි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ කාර්යාලයක් අසළ මුස්ලිම් ජාතිකයින් පිරිසක් ඇදහිම් කටයුතු සඳහා කලක පටන් භාවිතා කළ බව කියන ස්ථානයක තිබී සැකකටයුතු ලේඛන හා පොත් පත් කිහිපයක් හා සැකකරුවකු අද (03) යුද හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව තවුහිද් ජමාත් සංවිධානයක ලේකම්වරයා ලෙස කටයුතු කළ කැකිරාව නගරයේ ව්‍යාපාරිකයෙකි.
නගරයේ ව්‍යාපාරිකයින් ඇතුලූ පිරිසට ඇදහීම් කටයුතු සඳහා කැකිරාව නගරයේ ඉස්ලාම් පල්ලියක් ඇතැත් නගරයේ ධනවත් ව්‍යාපාරිකයින් අතලොස්සක් සැකකටයුතු ලෙස වෙනම ස්ථානයක සිය ආගම ඇඳහීම සඳහා භාවිතා කරන බවට යුද හමුදාවට ලද තොරතුරක් මත අදාල ස්ථානය සෝදිසියට ලක් කිරීමට යුද හමුදාව පියවර ගත්තේය.
ඒ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී එම ස්ථානයේ තිබූ සැකකටයුතු ලිපි ලේඛන කිහිපයක් හා එම ස්ථානයේ පවත්වාගෙන යන්නට ඇතැයි අනුමාන කෙරෙන යම් සංවිධානයක සාමාජිකයින්ගේ බවට සැක කෙරෙන නාම ලේඛනයක් ද යුද හමුදා භාරයට ගෙන ඇත.
යුද හමුදාව විසින් සොයාගෙන තිබූ එම ඇතැම් ලිපි ලේඛන වල කැකිරාව තවුහීද් ජමාත් යනුවෙන් සඳහන් නිල මුද්‍රාවක් ද යොදා තිබිණ.
මෙම සංවිධානය හා ජාතික තවුහීද් ජමාත් සංවිධානය අතර ඇති සබධතාවය කෙබඳු දැයි යන්න සොයා බැලීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භකර තිබේ.
සැකකටයුතු එම ලිපි ලේඛන හමුවූ සැකකටයුතු ස්ථානය පවත්වාගෙන ගිය එම ගොඩනැගිල්ල ද ප‍්‍රදේශයේ දේශපාලන පවුලක් සතු එකක් බවද ආරක්ෂක අංශ පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු හා සැකකටයුතු ලිපි ලේඛන ඉදිරි කටයුතු සඳහා කැකිරාව පොලිස් ස්ථානය වෙත භාරදීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මුස්ලිම් ජාතිකයින් ඇදහීම් කළ ස්ථානයක තිබී සැකකටයුතු ලේඛන කිහිපයක්
මුණසිංහ Saturday, 04 May 2019 01:39 AM
මට නම් පේන විදියට දැන් මේ වැඩිපුරම අහු වෙන්නේ ජනතාව ලග කාලයක් තිස්සේ තිබුනු ආයුධ. සාමාන්‍යයෙන් බොහෝ ගෙවල්වල කඩුවක් තියෙනවා. වන සතුන් දඩයම් කරන තුවක්කු සමහරු ලග තියෙනවා. කොහොමටත් ඒවත් අහු වෙන එක හොදයි. රටම නිරායුධ කරන්න ලැබුණු අවස්ථාවක්. ඒ වුනත් මාතෘකාවට අදාල බඩු කොතරම් අසුවී ඇත්දැයි සැකයි. පාලම් පුපුරුවන්න ටොන් 3ක වෙඩි බෙහෙත් ගෙනල්ලා කියලා පුවෘත්තියක් තියෙනවා. ඒවා කෝ. පුහුණුව ලත් ත්‍රස්තයන් 50 විතර තව ඉන්නවලු ඒ අය කෝ. ජනතාව තවත් අවදියෙන් සිටිය යුතුයි.
DahamSaturday, 04 May 2019 03:36 PM
මුණසිංහ කියන මුස්ලිම් මහත්තයෝ... කොයි රටේද හැම ගෙදරකම කඩු තියෙන්නේ? ඔහෙලා අදහස් ඉදිරිපත් කරන බාල, බොළඳ ආකාරය නිසා මොන නමින් ආවත් අහුවෙනවා.
Amila Saturday, 04 May 2019 02:59 AM
මේවා තමා රටට පිලිල. ආගමික ස්ථාන නොවන සියලුම ආගමික දේශනා කරන තැන් තහනම් කරන්න ඕනෑ.
ase Saturday, 04 May 2019 06:05 AM
ආයුධ හමුවන හැම ඇදහීම් කළ ස්ථාන පුපුරුවා හරින්න !!