(රංජිත් රාජපක්ෂ)
මත්ස්‍යයින් ඇල්ලීම සඳහා කිසියම් ද්‍රාවණයක් කෙසෙල්ගමු ඔයට මුසු කළ සැකකරුවෙක් නොර්වුඩ් පොලිසිය අද (09) අත්අඩංගුවට ගෙන ඇත.
නොර්වුඩ් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමු ඔයේ වෙසෙන මත්ස්‍යයින් ඇල්ලීම සඳහා අවරියා නැමති ශාක වර්ගයක් වැලි , හුණු සහ බැටරි සමඟ මිශ්‍ර කර ජලයට මුසු කරන ඇති බව නොර්වුඩ් ප්‍රදේශවාසිහු පැවසූහ.
එම ද්‍රාවණය ජලයට මුසු වීමෙන් මසුන් මත් වී ජලයේ පාවෙන බවත් ඉන් අනතුරුව එම පිරිස ජලය මත පාවෙන මත්ස්‍යයින් අල්ලා අලෙවි කරන බවත් ඔවුහු කියති.
නොර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී එම ද්‍රාවණය ජලයට මුසු කර ඇති අතර එම ස්ථානයේ සිට කාසල්රි ජලාශය දක්වාම කෙසෙල්ගමු ඔයේ වෙසෙන මත්ස්‍යයින් ජලය මත පාවෙමින් සිටි බව නොර්වුඩ් ප්‍රදේශවාසීහු පැවසූහ. එම ද්‍රාවණය ජලයට මුසු වීමෙන් ඇතැම් මත්ස්‍යයින් මිය ගොස් ඇති බවත් ඔවූහු කියති.
නොර්වුඩ් වෙන්චර් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමු ඔයේ පාවෙමින් සිටි මත්ස්‍යයින් අල්ලමින් සිටියදී නොර්වුඩ් පොලිසිය එම ස්ථානයට පැමිණෙන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් පලාගොස් ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මසුන් අල්ලන්න විෂ ද්‍රාවණයක් කෙසෙල්ගමු ඔයට මුසුකළ අයෙක් අත්අඩංගුවට
Sara Monday, 10 February 2020 02:32 AM
ඕක කරපු අයටත් ඒවා පොවන්නයි තියෙන්නේ....
දිමුත් Monday, 10 February 2020 05:37 AM
ආරේ ගති නෑරේ කියනවානේ...