






(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් පහත බසිමින් ඇති බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසති.
මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව ද ඔවුහු පැවසූහ.
ඒ අනුව, අද(14) පෙ.ව.06.00 වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 19 ක් හා 20 ක් වශයෙන් එම ජලාශවල ජල මට්ටම් පහත බැස ඇති බව ඔවුහු සඳහන් කරති.
ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන ප්‍රධාන ජලාශ වන්නේද මෙම ජලාශයන්ය.
COMMENTS
ගස් කපන්න එපා.
කඩොලාන කපලා ක්‍රීඩා පිට්ටනි හදන්න තමයි දේශපාලකයින් යෝජනා කරන්නේ. ක්‍රීඩාපිටිවලට ඔක්සිජන් මොකටද කියලත් ඔවුන් අහනවා.
මෙච්චර මේ ජාලාසයේ ජලය අඩුවෙන්නේ කොහොමද, අලුත් ජනාදිපති තුමා පත්වුණා ගමන් එතුමාගේ පිනට ජලාස උතුරලා යන්න වැස්සනේ.
රොන් මඩ ඉවත් කරන්න හොදම වෙලාව තමයි දැන්.