
(ඩයනා උදයංගනී)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්න මෙවර සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අස්වැන්න අඩු වුවත් වී වල බොල් ගතිය අඩු වී බර වැඩි වී ඇති බවත්, වී වල මිල ද වැඩිවී ඇති නිසා ගොවියාට පාඩුවක් සිදුවී නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ මේ වන විට වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල ප්‍රදේශයෙහි කාබනික වී වගාවක් නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම යායේ ගොවීන් විසින් කර ඇති වගාවේ වෙනදාට වඩා අලුත් දෙයක් දකින බවත්, වී නිෂ්පාදනය අඩුවක් ඇති නමුත් වී වල බොල් ගතිය අඩු වී බර වැඩි වී ඇති බවත් ඇමතිවරයා පැවසීය.
කාබනික පොහොර වගාව අමාරුවෙන් කැපවීමෙන් ළඟා කරගත යුතු ඉලක්කයක් බවත්, එයට ගොවීන් උදව් කර ඇති බවත් අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ඇමතිවරයා එසේ පැවසුවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පවසන්නේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න සියයට 50කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු විය හැකි බවයි.
වර්තමානයේ දී මෙරට කෘෂිකර්මාන්තයේ තත්වය ඉතාම කනගාටුදායක බව දී මහාචාර්යවරයා කීවේය.
අනුරාධපුර සහ මින්නේරිය ප්‍රදේශවල වී වගාබිම්වලට නියම පෝෂක ප්‍රමාණය නොලැබීමෙන් ඒවා රෝගී තත්වයන්ට ලක්ව ඇති බව තමන් ක්ෂේත්‍ර පර්යේෂණවලදී නිරීක්‍ෂණය කළ බව ද හෙතෙම සඳහන් කළේය.
වී වගාවේ මෙවර රට පුරා සිදුවිය හැකි අස්වනු හානිය සියයට 50ක් පමණ ඊට වැඩි විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, ඉදිරියේදී රට ආහාර අර්බුදයකට යා හැකි බවත් ඔහු පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසන්නේ රසායනික පොහහොර හා පලිබෝධනාශක හිඟවීමෙන් වී, බඩඉරිඟු මෙන්ම තේ අස්වැන්නේත් විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
වර්තමානයේ දී දක්නට ලැබෙන්නේ දුරදිග නොබලා විද්‍යාත්මක පසුබිමකින් තොරව ගත් තීරණයක අවාසනාවන්ත ප්‍රතිඵල යැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.
COMMENTS
මෙතුමන්ලා දැනුම ලබාගන්න කරපු කැපවීම එක රැයකින් කිසිම සුදුසුකමක් නැතිව ධනය බලය අයථා මාර්ගයෙන් උපැයූ අයට කොහේ තේරෙන්නද?
ඇමැතිතුමා වී ඇටේ බර හරියටම මැන්නේ කොහොමද මන්දා?
මීහරකා කුඹුරු හාන්න දානවා මිසක්... එක්කෝ ඕනෙ නැහැ.
ගත්ත තීරණය හරියට හරි... නමුත් බිම් මට්ටමේ නිලධාරීන්ට හා ගොවීන්ට කාබනික වගාව ගැන ප්‍රමාණවත් දැනුමක් ලැබුනේ නෑ. ඒකට හේතුව රසායනික පොහොර මාෆියාව ඉහළ නිලධාරීන් බා ගැනීමයි. කෙසේවෙතත් ඊළඟ කන්නයේ මෙය නිවැරැදි කරගත යුත්තේ රසායනික පොහොර ගහලා නම් නෙවෙයි.
කෙසේ නමුත් වර්තමාන කෘෂි විද්‍යා ආචාර්ය වරුන්ගේ හැසිරීම කණගාටුදායකයි. ඔවුන් ස්වභාවික පරිසරයේ ඇති වැදගත්කම පසෙකලා වැඩ කරන බව පේනවා. කෘත්‍රිම පොහොර මතම යැපෙන්න බලනවා. ලංකාවේ පොළවේ ඇති සාරවත් බව විනාශ වුනේ ඇයි කියලා සොයා බලලා තිබෙනවද? ඊට විසඳුමක් හොයන්න උත්සාහ කරල තියෙනවාද? ස්වභාවික පොළවේ සිටිය යුතු මහා සහ ක්ෂුද්‍ර ජීවීන් විනාශ වුණේ ඇයි කියල බැලුවද? මට නම් පේන්නේ ඔවුන් කෘත්‍රිම පොහොර සමාගම් වලට යටවෙලා කියලයි.
තවමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ මේ හේතුව නිසා... මහජන නියෝජිතයින් හිතනවා මේක සංවර්ධිතයි කියලා. නමුත් ඇත්තටම එහෙම නෑ.
උත්තරය සරලයි. විෂය පිළිබඳ උගත් දේශපාලනයට අයත් නොවන විශේෂඥයෙකුයි, දේශපාලකයෙකුයි අතර වෙනස?
ඇමතිතුමා කතා කරන්නේ පන්නල පැත්තේ වී වගාව ගැන හොඳටම දන්න කෙනෙක් වගේ... ඒකනේ කියන්නේ වෙනදාට වැඩිය අළුත් දෙයක් එහි දකිනවා කියලා. තමන් කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නතුරු එක හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නෑ කියලා කියපු හැටිත් අපිට හොඳට මතකයි. තවත් පම්පෝරි කියන කෙනෙක්.
චීනයෙන් හාල් කිලෝ ලක්ෂ 10ක් හිඟාගත්තේ හාල් වැඩි නිසා වෙන්න ඇති නේද? ඇමැතිතුමෝ සොරිසොරි..! ඇමැතිතුමා දන්නේ නැතුව ඇති බන්දුල ඇමැතිවරයාගෙන් අහලා බලන්නකෝ... මාත් දැක්කේ සුරං ලොක්කා පත්තරේ පෙන්නුව නිසා.
රටේ තීන්දු තීරණ අද ගන්නේ උගතුන් පැත්තකට දාලා.