IMG-LOGO

මිලි ලීටර් 400 ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීමේ ලැයිස්තුවට

(යොහාන් භාසුර)

ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා මිලි ලීටර් 400 ප්ලාස්ටික් බෝතල් ද තහනම් කිරීමේ ලැයිස්තුවට ඇතුළත්ව තිබෙන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම්වලට ඒවා තහනම් නොකරන්නේ නම් පරිසර දූෂණය පාලනය කළ හැකි යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබෙන බවත් එම යෝජනා පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පරිසර අමාත්‍යංශය සතු තීරණයක් බවත් අමාත්‍යවරයා කියයි.

ප්ලාස්ටික් බෝතලයසමඟ දියර වර්ගයක් මිලදී ගන්නා විට රුපියල් 10 ක තැම්පතුවක් ලබාගැනීමට මෙහිදී අදාල නිෂ්පාදන ආයතනය යෝජනා කර ඇති බවත් තැම්පත් මුදල ගෙවා නැවත බෝතල් ලබාගෙන ප්‍රතිචක්‍රියකරණය කිරීමට සැළසුම් කර තිබේ.

 



අදහස් (4)

මිලි ලීටර් 400 ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීමේ ලැයිස්තුවට

prasanka Monday, 14 June 2021 05:01 PM

10 මදි

:       0       0

Sri Lanka Monday, 14 June 2021 05:11 PM

අපිට අවුලක් නෑ. අපි හදන්නේ මිලිලීටර 500 සහ ලීටරයේ බෝතල්... මිලිලීටර 400 කවුරුවත් හදන්නේ නැහැ. ඒ හින්දා ඔබතුමාගේ උත්සාහය ෆේල්... !!! 

:       0       10

Nihal Monday, 14 June 2021 05:52 PM

ප්ලාස්ටික්, පොලිතීන් සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. කාණු බ්ලොක්වෙලා රටේම.. වෙරළේත් තත්වය මේකමයි.

:       0       105

Bamunuarachchi Wednesday, 16 June 2021 08:20 AM

ලීටරයේ බෝතල් තහනම් කර වීදුරු බෝතල් නැවත පාවිච්චියට ගන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site