මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට රජු වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්දව ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ නව පාලක සංධානයක් පිහිටුවීම පිළිබඳ කථාබහ මධ්‍යයේ රජයෙන් ඉවත්ව යන බවයි.
රජුගේ මීලඟ පියවර කුමක්ද යන්නත් මහතීර්ට අනිකුත් පක්ෂවල සහාය ඇතිව වෙනත් රජයක් පිහිටුවිය හැකිද යන්නත් පැහැදිලි නැත.
පාර්ලිමේන්තු බහුතරය වන ආසන 112කට වඩා කිසිදු කණ්ඩායමකට නොමැති නම් මහමැතිවරණය විකල්පය වනු ඇති බව ද සඳහන් වේ.
මහතීර් මහතාගේ හදිසි ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වන අන්වර් ඊබ්‍රහිම් නොමැතිව නව සන්ධානයක් ඇතිකර ගතහැකි බවට පැතිර යන කටකථා මධ්‍යයේ ය.
කෙසේවුවද විදෙස් විචාරකයින් පවසන්නේ මහතීර් මහතා අග්‍රාමාත්‍ය ධූරයේ තවදුරටත් රැඳී සිටීමට ඉඩ තිබෙන බවයි.
2018 වර්ෂයේදී එවකට අගමැතිව සිටි නජීබ් රසාක් නෙරපා හරිමින් දෙවන වරට බලයට පැමිණි 94 හැවිරිදි මහතීර් මොහොමඩ් මහතා ලෙව වයසින් වැඩිම අගමැතිවරයා ලෙස සඳහන් වේ.
1981- 2003 දක්වා කාලයේ ද මැලේසියාවේ අගමැතිවරයා ලෙස මහතීර් මහතා කටයුතු කළේය.
අන්වර් ඊබ්‍රහිම් මහතා මහතීර් මහතාගේ නියෝජිතයා වූ නමුත් නායකත්ව අර්බුදයක් හේතුවෙන් 1998 දී අන්වර් ඉවත් කිරීම හේතුවෙන් දෙදෙනා අතර හිතවත්කම පලුදු විය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
929
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි