(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය අද (13) අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් පොලීසිය කියයි.
යුද්දය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මරකය පිරිසිදු කිරීමට ගිය මුල්ලි වයික්කාල් වැසියන් ස්මාරකය කඩා දමා ඇති බව දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.
එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකයේ පහන් කණු ස්මාර්කයේ පහන් දල්වන ප්‍රධාන පහන ආදිය කාඩා ස්මාරකයට දැඩි හානි කොට ඇති බවටද ප්‍රදේශවාසීහූ පවසා සිටියහ.
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුදසැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම සිදුව ඇතැයිද ඔවුහු කීය.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මුල්ලිවයිකාල් යුද සැමරුම් ස්මාරකය කඩලා
සෙනෙවිරත්න Thursday, 13 May 2021 01:47 PM
යුද්ධය අමතක කර ජාතීන් අතර සමගිය ඇතිවිය යුතුයි. ස්මාරක වලින් සිදුවනුයේ එක පාර්ශවයක ජයග්‍රහණය සැමරීම පමණි . යුද්ධයෙන් ජයගත් කෙනෙක් නැත. නැතිවූ ජීවිත සැමරුම් තනමු. එක රටක්සේ ඉදිරියට යමු.
BamunuarachchiFriday, 14 May 2021 02:48 AM
ඔයටික දෙමල පත්තරයකට ලියන්න .රටෙන් කෑල්ලක් ඉල්ලන එකට මොකද කියන්නේ? උත්තර තියෙනවාද?