IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘මූල්‍ය නීති පනත වෙනස්කිරීමේ උත්සාහය ගැටලුවක්’

(නාලක සංජීව දහනායක)
 
හදිසියේම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහය තමන්ට ගැටලු සහගත බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
 
ආණ්ඩුවේ අවසන් සමයේදී හදිසියේම මෙලෙස පනත් ඉදිරිපත් කිරීම හා පවතින නීති රීති වෙනස් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
 
මේ වනවිටත් 1949 වසරේ අංක 58 දරණ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව උත්සාහ ගනිමින් සිටින බව විපක්‍ෂනායකවරයා කීය. මෙලෙස පනත් වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක‍්‍රියාත්මක වන ඊ.පී.එෆ් අරමුදල වැනි අරමුදල් නිදහස් කරගෙන සිතූ ආකාරයෙන් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව කී විපක්‍ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය. 
 
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් මණ්ඩලයේ අනිවාර්ය නියෝජිතයකු ලෙස කටයුතු කළ යුතු බව කී විපක්‍ෂනායකවරයා ඔහු එම මණ්ඩලයෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමක් පත්කර ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය කිසිදු ආර්ථික විශේෂඥයකු අනුමත නෙකාරනු ඇතැයිද පැවැසීය.
 
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු පත්කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කළද මේ වනවිට කොමිෂන් සභා විසින් ඒ පත්කිරීම් සිදුකරන බව පැවැසූ විපක්‍ෂනායකවරයා ඒ අනුව රිසිසේ මුදල් අච්චුගැසීමට ආණ්ඩුවට විශාල නිදහසක් ලැබෙන බවද සඳහන් කළේය. ආණ්ඩුව මේ ආකාරයට දිගින් දිගටම ක‍්‍රියාත්මක වුවහොත් එහි සියලු බරපැන ඉදිරියේදී ජනතාවට දැරීමට සිදුවනු ඇතැයි විපක්‍ෂනායකවරයා කීය.
 
යම් හෙයකින් පනත් වෙනස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ විෂය ක්‍ෂේත‍්‍රයේ බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කළ යුතු බවත් එසේ නොකර හදිසියේම පනත් වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය සම්බන්ධයෙන් තමන්ට ප‍්‍රශ්නයක් ඇති බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
 
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘මූල්‍ය නීති පනත වෙනස්කිරීමේ උත්සාහය ගැටලුවක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site