හර්ෂණ තුෂාර සිල්වා
දෙමළ ජාතික සන්ධානය මගින් දැනට ප්‍රසිද්ධියට පත්කර ඇති තීරණ වෙනස් කළ නොහැකි නමුත් දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා සෙසු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට පූර්ණ සහාය දෙන්නේයැයි දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (7) දැනුම් දුන් බව එහි ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛක්කලනාදන්, ඩී. සිද්ධාර්ථන්, සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමුවූහ. මෙම හමුව සිදුවූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුවය. ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් පිරිස අතර හමුව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවතුණි.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරිණි. තමන් ගත් තීරණ සහ ඒවාට හේතු වූ කරුණු ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ගන්නා ලද තීරණ සහ ඒවාට හේතු වූ කරුණුද අපේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට පැහැදිලි කරනු ලැබීය. එම තීරණ දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් රටේ සියලු දෙනාත් ලෝකයත් එම තීන්දු තීරණ ගැන පත්වී අපි ජනාධිපතිවරයාට පැහැදිලි කළෙමු. දෙමළ ජාතික සන්ධානය ගත් තීරණ වෙනස් කළ නොහැකි බවත් අපි එම තීරණවලට අනුව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයාට දැන්වූවෙමු.
අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද අපි එහිදී ජනාධිපතිවරයාට දන්වා සිටිමු. ඒ සඳහා හැකි ඉක්මනින්, හැකිනම් ප්‍රකාශ කළ දිනයට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමු.
අපේ ඉල්ලීම ඉතා ඕනෑකමින් සලකා බලන බව ජනාධිපතිවරයා අපට දන්වා සිටියේය.‘‘
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මුලින් ගත් තීරණ වෙනස් කළ නොහැකියි - ටීඑන්ඒ
RNG Wednesday, 07 November 2018 03:19 PM
දෙපැත්තෙම කකුල් තියාගෙන ඉන්න පිරිසක් මේ අය..
d.upulThursday, 08 November 2018 08:39 AM
අපිට තියෙන්නේ දැන් කූඤ්ඤය අදින්න
dasun Thursday, 08 November 2018 05:39 AM
ඕක තමයි පනින්න පෙර සිතා බලනු කිව්වේ.
Bamunuarachchi Friday, 09 November 2018 12:24 AM
මේගොල්ලෝ කවදාද රට වෙනුවෙන් තීරණ ගත්තේ? තමන්ගේ වාසියට හැරෙන්නට. මේගොල්ලෝ නවතින්නේ රටින් කෑල්ලක් කඩාගෙන.