(බන්දු තඹවිට )
මතුගම ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ මිනීමරුමක ප්‍රධාන සැකකරුගේ ප්‍රධාන ගෝලයා වන මල්ටියා නැමැත්තා ගිනි අවි සහ කඩු සමඟ කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය අත් අඩංගුවට ගෙන ඇත.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහත්වරුන්ගේ උපදෙස් අනුව කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලංග සංජීව මහතා ඇතුළු කණ්ඩායම විසින් දොඩන්ගොඩ ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ දී මෙසේ අත් අඩංගුවට ගැන ඇති අතර එහිදී මල්ටියා නමැත්තා සන්තකයේ තිබී 3.8 වර්ගයේ රිවෝල්වරයක්, රිපීටර් තුවක්කුවක් ලෙස නවීකරණය කරන ලද පතුරම් තුවක්කුවක්, සමඟ කඩු දෙකක් ද අත් අඩංගුවට ගෙන තිබේ.
2018 අගෝස්තු මස 06 වන දින මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේදී බදුරලියේ පදිංචි බූරු සුරංග නැමැත්තා ඝාතනය කිරීම පිළිබඳව සැකපිට මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු තවත් අපරාධ ගණනාවකට පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බවද වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘මල්ටියා‘ ගිනි අවි සමඟ අත්අඩංගුවට