IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මාලිගාවත්ත ෆාතිමා ඝාතනයට අනුබල දුන් යුවළ රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මෝල්ගසකින් ගසා ඝාතනය කර ගමන් බෑගයක බහා සපුගස්කන්ද ප්‍රදේශයේ කුණු ගොඩකට ගෙනැවිත් දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන අඹුසැමියන් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සමිට්පුර, මට්ටක්කුලිය පදිංචි මොහොමඩ් සිත්ති රොෂාන් (36) සහ සෙක්කු රාජා ගනේෂ් ආනන්ද රාජා (36) නමැති අඹුසැමි යුවළ ය.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මරණකාරියට අයත් රත්‍රන් භාන්ඩ සහ මුදල් ද නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බව සපුගස්කන්ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. එසේම,  මරණකාරියගේ දේහය රැගෙන ගිය ත්‍රීරෝද රථය ද, සැකකරුවන් විසින් උකස්කරනු ලැබ තිබූ මරණකාරියට අයත් රත්‍රන් භාණ්ඩවල උණුකරනලද රත්‍රන් ගුලියක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරණු වාර්තා කර ඇත.
මෙමසිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි හතලිස් තු-න් හැවිරිදි ෆාතිමා මුන්ටාස් නැමැත්තියය. ඇගේ සිරුර ඉකුත් 04 වැනිදා සපුගස්කන්ද මාබිම පාරේ කුණු කසල ගොඩක තිබූ ගමන් බෑගයක් තුළ තිබී සොයා ගනු ලැබීය.



අදහස් (0)

මාලිගාවත්ත ෆාතිමා ඝාතනයට අනුබල දුන් යුවළ රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site