IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මලික්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න යයි

(විනීතා එම් ගමගේ)
 

සිංගප්පූරු ගිවිසුම ගෙන ආ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ඍජු  වරදකරු බව ඒ පිළිබඳව පත්කළ විශේෂඥ කමිටුව පෙන්වා දී ඇති බැවින් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන මෙන් සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටින බව තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන්ගේ සංසදය ඉල්ලීමක් කරන බව එහි සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

 සිංගප්පූරු ගිවිසුම ගෙන එන විට එහි අන්තර්ගතය ගැන දැන නොසිටි බවත් තමන් මුලින්ම විරුද්ධ වූයේ එම ගිවිසුම අස්සන් කිරීම සඳහා අනුගමනය කළ අත්තනෝමතික ක‍්‍රමවේදයට බවත් පෙරේරා මහතා පැවැසීය.

ගිවිසුම අත්සන් කරලා කලයකට පසු මේ ගිවිසුම දැක ගන්නට හැකි වූ බවත් එහි ඇති අහිතකර බව දකින්නට ලැබුණේ ඉන් පසුව  බවත් හෙතෙම කියා සිටියේය.  

මේ පිළිබඳ පත් කළ අපක්ෂපාතී විශේෂඥ කමිටුවේ වාර්තාව මගින් ඉතා පැහැදිලිව තමන් කියු කාරණා තව දුරටත් සනාථ වී ඇති බවත්  එබැවින් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට තව දුරටත්, එම අමාත්‍යාංශය උසුලන්න අයිතියක් නැතිත බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

කපිල පෙරේරා මහතා මේ අදහස් පළ කළේ තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී අද (7)  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

නීති පතිවරයාගේ නිර්දේශ පවා නොතකා හරිමින් මලික් සමරවික‍්‍රම ඇමැතිවරයා විසින් ගිවිසුම අත්සන් කර ඇත්තේ නීතිවිරෝධී අයුරින් බව විශේෂඥ කමිටු වාර්තාව මඟින් පැහැදිලි වන බව ද ඔහු තව දුරටත් පැවැසීය.

මෙම ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට ලැබෙන කිසිදු වාසියක් විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී නැති බවත් රජයට ආනයනික බදු ආදායම අහිමි වීම, ගෙවුම් තුලනයට අහිතකර බලපෑමක් ඇති වීම ඇතුළු අවාසි රැසක් විශේෂඥ කමිටුව විසින් පෙන්වා දී ඇති බවත් වික‍්‍රමසිංහ මහතා කීය.
 



අදහස් (0)

මලික්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 255 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site