IMG-LOGO

මෙරට හමුදා නිලධාරීන් දෙදෙනෙකු⁣ට අමෙරිකාවෙන් තහනමක්

( තිළිණි ද සිල්වා )

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනම් පැනවීමට කටයුතු කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි. ජේ. බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික  හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන හෙට්ටිආරච්චි සහ හිටපු යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායක වෙත මෙම සංචාරක තහනම් පැනවීම සිදුකරන බවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයට පත් කර ඇත .

2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව එම වින්දිතයින් අතරින් අවම වශයෙන් අට දෙනෙකුට නිදහස සදහා ඇති අයිතිය බරපතල ලෙස අහිමි කිරීම යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය සදහා නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි  සම්බන්ධ වීම හේතුවෙන් ඔහු එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා නිවේදනය කර ඇත.

2000 වසරේ දෙසැම්බර් මාසයේදී   දෙමළ සිවිල් වැසියන් 08 දෙනෙකු අධිකරණ විභාගයට ලක් නොකර ඝාතනය  කිරීමේ යන බරපතල මානව හිමිකම් උල්ලංඝනය  සම්බන්ධයෙන් යුධ හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට  ද එක්සත් ජනපදයට ඇතුළු වීමට සීමාපනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

අමෙරිකාව විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව එම පියවර ගෙන ඇති බවත් , ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව මේ වසර සදහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු , විදේශ මෙහෙයුම් සහ සම්බන්ධිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 ( ඇ) වගන්තිය යටතේ. විදේශ රජයන් හී නිලධාරීන් 10 දෙනෙකු ද එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බව ප්‍රසිද්ධියේ නිවේදනය කිරීමටද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා කටයුතු කර ඇත.

එම පිරිස අතර බංග්ලාදේශයේ වත්මන් පොලිස්පති බෙනාසිර් අහමඩ් , එරට ලුතිනන් කර්නල්වරයෙකු වන මිෆ්ටාහ් උදින් අහමඩ් , චීන ආරක්ෂක නිලධාරීන් , බෙලාරූස් ,උගන්ඩා සහ මෙක්සිකෝ නිලධාරීන් සිටිති.



අදහස් (10)

මෙරට හමුදා නිලධාරීන් දෙදෙනෙකු⁣ට අමෙරිකාවෙන් තහනමක්

Bamunuarachchi Saturday, 11 December 2021 12:18 PM

මොකටද අධිකරණයට ඉදිරිපත් කරන්නේ...? දෙන්න ඕන දඬුවම දුන්නා...

:       56       77

පිටිගල මිලානෝ Saturday, 11 December 2021 12:44 PM

සුනිල් වැන්නෙකුට ජනාධිපති සමාව දීම රටට අපකීර්තියක් වගේම සැබෑ රණවිරුවන්ටද අපහාසයකි.

:       93       48

BamunuarachchiSunday, 12 December 2021 08:26 AM

ප්‍රසිද්ධ නැති වුනත් කියමනක් තිබෙනවා මවු දීලා හරි යුද්ධය දින්න ඕනේ කියලා. ඒ නිසා කවුරු කෙසේහෝ වේවා යුද්ධය දින්නානම් ඒ ඇති. සමහරුන්ට කොටි ඩොලර් කෙන්ට් ෆාම්වල සිංහල ළමයි කපා කොටා මරා දාලා තිබුන හැටි අමතකයි. අපිට මතකයි ඒ වගේම මැවී පෙනෙනවා ඒ නිසයි යුද්ද දිනන්න අපේ හමුදාව කල සෑම දෙයක්ම අපි සාදාරනීය කරන්නේ කරපු අය වීරයන් කරන්නේ. .

:       5       4

අතුලSunday, 12 December 2021 05:47 PM

"නොමවේ බමුණා = හෝ වසලයා" එල්ටීටීඊ එක කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්... හමුදාව කියන්නේ, රටක් නියෝජනය කරන, වෘත්තියක්... ත්‍රස්තවාදීන් එ. ජාතීන්ගේ සංවිධානයට බැඳිලා නැහැ... රජයේ හමුදාවන් සියළුම ජාතීන්ට "එකසේ" ගරු කළ යුතුයි. බල්ලෙක් කකුල කෑවා කියලා, ඔබතුමා බල්ලගේ කකුල කනවාද?

:       1       8

BamunuarachchiMonday, 13 December 2021 02:15 PM

රටවිරුවන් මහන්සියෙන් හොයන ඩොලර් රටේ ඉන්න රුපියල් වලින් ජීවත්වෙන ගොයියන්ට කාර් ගෙන්වන්න වියදම් කලයුතු කාලයක් නොවෙයි මේක.

:       3       0

Chandane Saturday, 11 December 2021 05:01 PM

මේ දෙන්නා මීට කළින් කී සැරයක් ඇමෙරිකා ගිහින් තියේද? එහෙම ගිහින් තියෙනවා නම් නැවත යාමට නොහැකි නිසා මේ තහනම බලපානවා. ඒත් මිනීමරුවන්ට මොනවා වුණත් දඬුවම් කළ යුතුයි. නැතිනම් ඒක රටට අපරාධයක්...

:       128       22

BamunuarachchiSunday, 12 December 2021 08:44 AM

මිනී මරන්නේ නැතුව කරන යුද්ධයක් අපි අහලා නැහැ. මරන්නේ නැතිව කරන එකම යුද්ධය ධර්ම යුද්දයයි. කොටිසමග කලේ ධර්ම යුද්ධයක් නොවෙයි ලෝක සම්මත යුද්ධ නීතිවලින් පිටපැන්න ත්‍රස්ත යුද්ධයක්. ඒ නිසයි සේනාධිනායක ප්‍රකාශ කලේ ත්‍රස්තයින්ට කථා කරන්න ඕනේ උන්ට තේරෙන භාෂාවකින් කියලා.

:       4       5

fairoosMonday, 13 December 2021 12:32 PM

ඒකේ සාපයයි දැන් විඳවන්නේ....

:       2       2

BamunuarachchiMonday, 13 December 2021 02:10 PM

ඒ කාලෙම කතා කලානම් අද රට බංකොලොත් වෙන්නේ නැහැ

:       2       1

BamunuarachchiMonday, 13 December 2021 08:35 PM

ත්‍රස්තයින්ට ඒ භාශාවෙන් කතා කලානම් පාස්කු ප්‍රහාර ඇතිවෙන්නේ නැහැ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 370 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 919 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1314 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site