
(ගයාන් සූරියආරච්චි)
කොරෝනා වාට්ටුවල සිටින රෝගීන් වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිපදවූ බහු කාර්ය රොබෝ ප්‍රවාහන ඒකකයට ‘කොඩිඩ් 19 සැලසුම් නිර්මාණ’ තරගාවලියේදී ප්‍රථම ස්ථානය හිමිවිය.
එම තරගාවලිය බ්‍රිතාන්‍යෙය් යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ ආයතනයේ ශ්‍රී ලංකා හවුල
විසින් ඉකුත් දා පවත්වනු ලැබූ අතර ඊට තරගකරුවෝ 14 දෙනෙක් ඉදිරිපත්වී සිටියහ.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විෂයධාරාව හැදෑරූ අවසන් වසරේ ඉගෙනුම ලැබූ එස්.කේ. දොඩම්පගේ, එම්.ඒ.ඒ. මුණසිංහ සහ කේ.එම්.ටී.එම්.බී. කෝනාර යන සිසුහු බහු කාර්ය රොබෝ ප්‍රවාහන ඒකකය නිපදවූහ. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් මගී කුටියකින් සහ රොබෝ අතකින්ද සමන්විත වීමය.
යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රංජිත් අමරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය මධුර ජයවර්ධන යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් මෙම බහුකාර්ය රොබෝවා නිපදවා තිබේ.
ඒ පිළිබඳව අදහස් එස්.කේ. දොඩම්පගේ:
මෙම නිර්මාණය අපි සිදුකළේ කොරෝනා වසංගතයත් සමග රෝහල් කාර්ය මණ්ඩලය විශාල අභියෝගකට මුහුණ දෙමින් සිටි කාල පරිච්ජේදයකයි. මෙය නිර්මාණය කිරීම සදහා වසරකට ආසන්න කාලයක් ගත වුණා. රෝහල් කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගීන් ආසන්නයට නොයා එම රෝගීන්ට සාත්තු සප්පායම් කිරීමේ රොබෝ ප්‍රවාහන ඒකකයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙහි ඇති මගී කුටිය මගින් අවශ්‍ය නම් එක් අයකුට ගමන් කළ හැකියි. එමගින් රෝගීන්ගෙන් සාම්පල ලබාගැනීමට හැකියාව තියෙනවා.
කොරෝනා රෝගීන් නිරීක්ෂණය කිරීමේදී සෞඛ්‍ය අංශ විශාල ගැටලුවකට මුහුණ දෙනවා. ඒ අනුව රෝගීන් දුරස්ථව නිරීක්ෂණය කිරීම සදහා දුරස්ථ නිරීක්ෂණ පද්ධතියක්ද මෙයට එක් කර තිබෙනවා. එමෙන්ම අවශ්‍ය නම් ට්‍රොලියක් වුවත් ඇදගෙන යාමේ හැකියාව තියෙනවා.
මෙහි ඇති රොබෝ අත මගින් කුඩා භාණ්ඩ තේරීම සහ තැබීමේ ක්‍රියාකාරකම් කරන්න පුලුවන්. මෙම නිර්මාණය වර්තමාන වසංගත තත්ත්වයට නව තාක්ෂණික මෙවලම් භාවිත කර විසදුම් සෙවීමේ ක්‍රියාදාමයට මහගු සේවාවක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. එමෙන්ම මෙය නිර්මාණය කිරීමේදී සහාය දුන් මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය එච්.කේ.ජී.. පුංචිහේවා, යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ ශ්‍රීලංකා හවුල ඇතුලු නන් අයුරින් උදවු කළ සැමටම ස්තූතිය පුදකිරීමට අවස්ථාවක් කරගන්නවා “ යැයි දොඩම්පගේ පැවැසීය.

2025 නොවැම්බර් මස 04
431
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොරටු සරසවියේ බහුකාර්ය රොබෝ වාහනේ කප් ගහලා
Samantha Friday, 19 November 2021 04:35 PM
මේ වගේ දක්ෂයින් ඉන්න රටක්නේ... මේ තවම තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතිනවා කියන්නේ ඇයි? ඩොලර් හොයන්න පුලුවන් මොලකාරයින් ටික මොරටුවේ හිර කරගෙන ඉන්නේ නැතුව ඔවුන්ගෙන් දැන්වත් වැඩක් ගනිල්ලා... නැතිනම් ඔවුන් රට දාලායයි.
sarath Friday, 19 November 2021 08:38 PM
රට පිළිබඳ සැනසිලිදායක පුවතක්... ආඩම්බරයි ඔබ සැම ගැන...