IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මොරටු පුරපතිගෙන් දැන් සැපදැයි විමසූ අයකු අත්අඩංගුවට

(රේඛා තරංගනී ෆොන්සේකා)

එන්නත් කරන සිද්ධියකට බාධා කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහල මොරටුව පුරපතිවරයාට දුරකතනයෙන් කතා කර “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.

පීඩා ඇති වන ආකාරයට දුරකථන ඇමතුම් ලබා දෙමින් ‘‘දැන් සැපදැයි‘‘ විමසමින් මරණ තර්ජනය කළ බවට මොරටුව පුරපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා  මොරටුමුල්ල පොලීසියට  කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම ඇමතුම ලබා දුන් සැකකරුගේ  දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මොරටු අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

එම දුරකතන වාර්තාවට අනුව සැකකරු නගරාධිපතිවරයා‍ගේ දුරතනයට  ලබා දුන් අංකය බවට තහවුරු වු බව පොලිසිය පවසයි.

සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු  බවත්  පොලිසිය මීට පෙර බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් යෑමේදී නගරාධිපති සහ සැකකරු අතර ආරවුලක් ඇති කරගත් බවට තොරතුරු හෙලි වු බවද පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (21)

මොරටු පුරපතිගෙන් දැන් සැපදැයි විමසූ අයකු අත්අඩංගුවට

duminda Friday, 18 June 2021 10:41 AM

සැප දුක් අහන කෙනෙක් ඉස්සරත් හිටියේ... ඕක නරක දෙයක් වෙයි...

:       12       380

Don perera Friday, 18 June 2021 11:00 AM

පොලිස් වහල් භාවයට හොඳ උදාහරණයක්...

:       21       913

sudesh Friday, 18 June 2021 11:07 AM

ඉස්සර බඩු මිල පොඩ්ඩක් වැඩි වුණා... දැන් සැපද කියලා ප්‍රසිද්ධ කෙනෙක් ඇහුවා නේද? 

:       20       592

Nuwan Friday, 18 June 2021 11:24 AM

සැප දුක් අහන එක වැරැද්දක් නෑ හාමුදුරුවනේ...!!! 

:       0       334

Sri Lanka Friday, 18 June 2021 12:02 PM

පොඩි මිනිහෙක් වචනයක් කිව්වත් අල්ලන් හිරේ දාන රටක්... පාස්කු, මහ බැංකු වගේ මහදේවල් වලට සම්බන්ධ අය එළියේ...!!!

:       12       423

Ruhunu Friday, 18 June 2021 12:29 PM

අපිට අහන්න තියෙන්නෙත් "දැන් සැපද" කියලා තමයි.

:       7       449

Rata Perata Friday, 18 June 2021 01:04 PM

මොන කාලකන්නි වැඩක්ද මේ? දැන් කවුරුහරි පැමිණිල්ලක් දාන්න මහින්ද රාජපක්ෂට විරුද්ධව... මතකද මිනිහා ඇහුවා දැන් සැපද කියලා විහිළුවට වගේ.

:       43       508

සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 June 2021 01:24 PM

"දැන් සැපද ?" කියා ඇහුවට නම් පියවරක් ගන්නට බැහැ. ඒත්, පැමිණිල්ලක් කළ නිසාත්, පැමිණිලිකරු බලවත් දේශපාලන පක්ෂයක කෙනෙකු නිසාත්, පොලිසියට මෙම පැමිණිල්ල බාර නොගෙන බැරුවා ඇති. ඒත්, තමන්ගේම ටෙලිෆෝනයෙන් මරණ තර්ජන එල්ල කරාවිද? වචනෙට එහෙම කිව්වත් මරාවිද? කෙලින්ම අහුවෙනවානේ. ඒ නිසා මරණ කෙනෙකු නම්, හොර රහසේ මරනවා මිසක්, මෙසේ තමන්ගේම ටෙලිෆෝන් එකෙන් කිය කියා මරාවිද ?

:       16       312

kamal Friday, 18 June 2021 02:43 PM

පව් අප්පා... මෙයාට ආතතිය හැදිලා...

:       20       147

kalyaani Friday, 18 June 2021 03:05 PM

නඩුකාර හාමුදුරුවනේ... කොහොමද සැප සනීප කියලා ඇහුවාම කමක් නැතිද?

:       0       6

kapila Friday, 18 June 2021 03:12 PM

මේ මොන විකාරයක්ද? "දැන් සැපද ?" කියා ඇසීම මරණ තර්ජනයක් වන්නේ කොහොමද? අද රටේ මිනිසුන්ගේ කතා කිරීමේ නිදහසට බලවත් තර්ජනයක් සිදුවීගෙන එනවා. දැන් පොලිසියේ රාජකාරිය චෝදනා නිර්මාණය කිරීමද?

:       0       5

de silva Friday, 18 June 2021 04:10 PM

දේශපාලකයෙක් ගැන සැප, දුක් ඇහුවත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මරු වැඩක් මේක...!!! 

:       24       40

wimal Friday, 18 June 2021 04:38 PM

අයියෝ අම්මපා ලෝකේ මෙහෙමත් වෙනත් රටක් තියෙනවද? පුදුම හිතෙන නීතිගරුක රටක්නේ... අර කේක් කපපු නගරාධිපති ඇමෙරිකාවල කෙනෙක් වෙන්න ඇති...

:       13       86

Rohana Friday, 18 June 2021 05:15 PM

මේ ආණ්ඩුවේ වැඩ දිහා බැලුවාම දැන්නම් කාටත් තියෙන්නේ දිව්‍ය ලෝක සැප...

:       28       112

අනුර Friday, 18 June 2021 06:12 PM

මේ රට වෙනුවෙන් කැපවුණු කණ්ඩායම් පක්ෂ, පාට, දේශපාලන පක්ෂ හා සම්බන්ධ නොවී සිටින කාලයක් උදා වන තුරු, අප රට වැළලී යන බව දැමූ ඉදිරියට පෙන්වීමට ලකුණක් ලෙස සිතන්න, මුදල්, බලය, පූරම්බාරු ලෙස වැඩබිමේ අවශ්‍ය අය දේශපාලන පක්ෂ තුළින් ගමන් අරඹයි. මෙය නරක දර්ශනයක් බව නොතේරේ...

:       0       4

saman Friday, 18 June 2021 06:20 PM

මොරටු පුරපති, දැන් සැපද?

:       0       98

sampath Friday, 18 June 2021 08:52 PM

දුක් සැප කුමක්ද අසන නිරිඳෝ වෙන කොයින්දෝ කියලා... පැරැණි කවියක් තියෙනවා... රජවරු දුක සැප විසඳීම...

:       0       6

Abeywardana Friday, 18 June 2021 09:51 PM

ඉතින් එක වැරැද්දක් වන්නේ කොහොමද? සමහරවිට එය ඇත්තටම දුක හිතිලා අහන්න ඇති... මොකද රි්මාන්ඩ් වල සැප අඩුයිනේ... අනෙක ඉස්සර වේදිකාවල ජනතාවගෙන් අහන්නේ සැපද කියලා... ඇත්තටම දුක හිතිලානේ ඒ අහන්නේ... අනේ මන්දා..!!!

:       0       5

Jm kithsiri Friday, 18 June 2021 10:15 PM

අපේ සාමාන්‍ය කතාබහ කිරීමේ සිරිත තමයි දුක සැප අහන එක...!!!

:       0       5

fairoos Sunday, 20 June 2021 01:56 PM

අපිටත් පැමිණිල්ලක් දාන්න පුළුවන් වෙයිද? මහින්ද මහත්තයාට එරෙහිව...

:       0       0

සොරිසේන Wednesday, 23 June 2021 07:11 AM

සමන්ලාල් මහතාණෙනි, අහිංසකයෙක්ව හිරේ දැම්මට දැන් සැපද? නොදකින්... !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site