IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාර්ගයට හානි කරමින් උද්ඝෝෂණයක් කළ 8 ක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)


රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ මරණයට සම්බන්ධ රියදුරා අත් අඩංගුවට නොගැනිම පිළිබඳව අක්මීමණ තල්ගම්පලදි ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සා  මාර්ගයට අලාබ හානි කර පොලිස් නිලධාරින්ගේ රාජකාරියටද බාධා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන්  8 දෙනකු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  නියෝග කළේය.


පොලිසිය කියා සිටියේ එහිදි ඉකුත්  5 වැනිදා  සිදුවු රිය අනතුරකින් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි 9 වනදින මියගිය පුද්ගලයෙකුගේ මරණය සිදු කිරිමට අදාල රියදුරු අත් අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන්  උද්ඝෝෂණය කරන බව දැන ගැනිමෙන් පසු අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පවසා ඉවත්වන ලෙස පැවසුවත් බීමත්ව සිටි පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් ටයර් පුලුස්සමින් මාර්ගය අවහිර කරගෙන සිටි බවය.


මේ නිසා ප්‍රධාන මාර්ගය දෙපස වාහන විශාල ප්‍රමාණයක් පැය තුනක කාලයක් අවහිරවි තිබු අතර ගිලන් රථද අවහිරවි තිබු බවත් මළ සිරුර රැගෙන පැමිණි අවමංගල රථයට පවා යාමට නොහැකිවු නිසා විකල්ප මාර්ග ඔස්සේ මළ සිරුර නිවසට යාමට අවස්ථාව සළසා දුන් බවත් පොලිසිය කියා සිටියේය.


පෙට්‍රල් දමා  ටයර් පිළිස්සිම නිසා මාර්ගයට දැඩිලෙස අලාබ හානි සිදුව තිබු බවත් උද්ඝෝෂණය මෙයෙවන ලද සැකකරුවන් සමග පෙට්‍රල් බෝතලයක්ද පිළිස්සිමට ගෙනෙන ලද ටයර් පහක්ද අත් අඩංගුවට ගත් බවත් විඩියෝ දර්ශණ මගින් තවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට සිටින බවත් පොලිසිය කියා සිටියේය

 



අදහස් (0)

මාර්ගයට හානි කරමින් උද්ඝෝෂණයක් කළ 8 ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site