(ඩී.ජී.සුගතපාල)
රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ මරණයට සම්බන්ධ රියදුරා අත් අඩංගුවට නොගැනිම පිළිබඳව අක්මීමණ තල්ගම්පලදි ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුලුස්සා මාර්ගයට අලාබ හානි කර පොලිස් නිලධාරින්ගේ රාජකාරියටද බාධා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 8 දෙනකු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
පොලිසිය කියා සිටියේ එහිදි ඉකුත් 5 වැනිදා සිදුවු රිය අනතුරකින් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි 9 වනදින මියගිය පුද්ගලයෙකුගේ මරණය සිදු කිරිමට අදාල රියදුරු අත් අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් උද්ඝෝෂණය කරන බව දැන ගැනිමෙන් පසු අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පවසා ඉවත්වන ලෙස පැවසුවත් බීමත්ව සිටි පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් ටයර් පුලුස්සමින් මාර්ගය අවහිර කරගෙන සිටි බවය.
මේ නිසා ප්‍රධාන මාර්ගය දෙපස වාහන විශාල ප්‍රමාණයක් පැය තුනක කාලයක් අවහිරවි තිබු අතර ගිලන් රථද අවහිරවි තිබු බවත් මළ සිරුර රැගෙන පැමිණි අවමංගල රථයට පවා යාමට නොහැකිවු නිසා විකල්ප මාර්ග ඔස්සේ මළ සිරුර නිවසට යාමට අවස්ථාව සළසා දුන් බවත් පොලිසිය කියා සිටියේය.
පෙට්‍රල් දමා ටයර් පිළිස්සිම නිසා මාර්ගයට දැඩිලෙස අලාබ හානි සිදුව තිබු බවත් උද්ඝෝෂණය මෙයෙවන ලද සැකකරුවන් සමග පෙට්‍රල් බෝතලයක්ද පිළිස්සිමට ගෙනෙන ලද ටයර් පහක්ද අත් අඩංගුවට ගත් බවත් විඩියෝ දර්ශණ මගින් තවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට සිටින බවත් පොලිසිය කියා සිටියේය
2025 දෙසැම්බර් මස 04
81
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
356
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
370
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර්ගයට හානි කරමින් උද්ඝෝෂණයක් කළ 8 ක් රිමාන්ඩ්