
(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ලිදුල මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි කෝවිලක වසර 200 පමණ ඉපැරණි නුග ගසක අතු අනාරක්ෂිත ලෙස කැපිමේදි කැපු අත්තක් කඩා වැටිමෙන් මිය ගිය තලවකැලේ දමිල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු වශයෙන් සේවය කළ වේලුසාමි මහේෂ්වරන්ට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් වතු කම්කරුවෝෙ අද (28) කෝවිල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ලොගි වත්තට පිවිසෙන මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල පොදු කෝවිලක් බවත්,එම කෝවිල දැනට තනි පුද්ගලයෙකු විසින් පාලනය කිරිම හේතුවෙන් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර නුග ගසේ අතු කැපිම නිසා ජිවිතයක් අහිමි වු බව උද්ඝෝසකයෝ චෝදනා කරති.
එම කොවිල අසල පිහිටි නිවසකටද නුග ගසේ අතු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම නිවාස හිමියන්ගේ ඉල්ලිමක් මත ප්‍රදේශයේ ග්‍රාමසේවකවරයාගේ නිර්දේශය මත ගසේ අවදානම් සහිත අතු කපා දමන ලෙස ආපදා කලමණාකරණ ඒකකය විසින් දැව සංස්ථාව වෙත කල දැනුම් දිමක් මත එම ගසෙහි අතු කිහිපයක් කොන්ත්‍රාත්කරුවෙකු විසින් කපමින් සිටින අවස්ථාවේදී තලවකැලේ සිට තම නිවස දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ගුරුවරයාගේ හිස මතට ගසේ අත්තක් කඩා වැටිමෙන් ඔහු ජිවිතක්ෂයට පත් විය.
අනාරක්ෂිත ලෙස නුග ගසේ අතු කපා දැමිම සම්බන්ධයෙන් ගස කපමින් සිටි තිදෙනෙකු සහ ඒ අසල පිහිටි නිවසක කාන්තාවන් තිදෙනෙකු ලිදුල පොලිසිය විසින් (21) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කලේය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.