(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව ඒරාවුර්පත්තුව මයිලවට්ටුවාන්හි ගඟේ වැලි කැණීම් සඳහා අනුමැතිය ලබානොදිය යුතුයැයි ඉල්ලා අද (16) මයිලවට්ටුවාන් ග්‍රාම සංවර්ධන සමිතිය විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
මේ සඳහා ග්‍රාමීය ජනතාව සහ සිසුහු එක්ව සිටියහ.
මයිලවට්ටුවාන් වීරකට්ටු ප්‍රාදේශයේ ගංවැලි කැණීම සඳහා වෙනත් පළාතක පුද්ගලයකුට 10 දින සිට 25 දිනය දක්වා විශේෂ අනුමැතිය ලබාදීමට අදාළ නම්ලැයිස්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිසා අධ්‍යක්ෂ පසුගිය 2 වැනි දින භූ කැණිම් මඩකලපුව ඉංජිනේරු කාර්‍යාලයට යවා ඇත. එබැවින් වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ ක්‍රියාවට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
උද්ඝෝෂණයට සහභාගී වූ මයිලවට්ටුවාන් ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් ඉලට්චුමි යෝගරාසා මහතා පැවසුවේ සියලුම වර්ෂවලදී දෙසැම්බර් ගංවතුරට පීඩාවට පත්වන ප්‍රදේශයේ ජනතාව උස් ප්‍රදේශ වෙත යන බවයි.
ගංවතුර නිසා නිවාස දෙකක් ගසා ගොස් ඇති අතර, තවත් නිවසක් හානිවීමේ අවදානමට ලක්ව ඇත. මෙම ගඟෙන් වැලි කැණීම් නිසා ගංවතුර අවදානම වැඩි වී ඇති බවද, මේ නිසා වැලිගොඩදැමීම නතර කර තිබූ බවද, වර්තමානයේ දේශපාලන නිර්දේශ මත පිට පළාත්වල අයට වැලි කැණීමට ඉඩ දී ඇති බවද, පැවසීය.
මේ හේතුව මත කැණීම් සඳහා අනුමැතිය වහා තහනම් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

2025 දෙසැම්බර් මස 18
497
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මයිලවට්ටුවාන් ගඟේ වැලි කැණීමට එරෙහිව විරෝධතාවක්