IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මම අපක්ෂපාතීව ඉන්නවා - කථානායක

(තිළිණි ද සිල්වා)  
මාතෘභූමිය තුළ මේ වනවිට පැනනැගී ඇති දේශපාලන ව්‍යාකූලභාවය, ජනසම්මතවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන්ට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කඩිනමින් විසඳා ගැනීමට හැකිවනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පැනනැ.ඟී ඇති තත්ත්වයට අදාළව කථානායකවරයා ලෙස තමන්  අපක්ෂපාතී ලෙස සහ නීතියට අනුව කටයුතු කරන බව ඔහු එම නිවේදනයෙන් අවධාරණය කරයි.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධිමත්ව හා වගකීමෙන් යුතුව සාමකාමීව කටයුතු කරණ ලෙස සියළුම දේශපාලන පක්ෂ නායකයන්ට  සහ මහජනතාවට ආයාචනය කරන බවද කතානායක නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කරමින් ප්‍රශස්ථ අන්දමින් ස්වකීය රාජකාරී කටයුතු කරන ලෙස ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින කථානායකවරයා විශේෂයෙන්ම  මේ මොහොතේ රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මානය වීම ශ්‍රී ලංකාව  පිළිබඳව ඉතා අපකීර්තිමත් තත්ත්වයක් ලෝකය පුරා ප්‍රචලිත වීමට ඉඩ සළසන්නක් බැවින් සහෝදරත්වයෙන්  යුතුව සමකාමීව කටයුතු කරන ලෙස ඕනෑකමින් ඉල්ලා සිටන බවද ඔහු පවසයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වසර 70ක පරිණතභාවයක් සහිත ශ්‍රී ලංකාව තුළ පැනනැගී ඇති තත්ත්වයන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස සියලු පාර්ශවයන් හි ගෞරවය රැකෙන ආකාරයෙන් නිරාකරණය කරගැනීම සඳහා සහාය වන මෙන් උත්තරීතර පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් තමන් නැවත නැවතත් ආයාචනය කරන බවද නිවේදනයේ සඳහන් වේ.



අදහස් (0)

මම අපක්ෂපාතීව ඉන්නවා - කථානායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site