ඡාත්‍යන්තර මිනිස් ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි.
මොවුන් මුහුදු මාර්ගයෙන් කුඩා ළමයින් ඇතුළු සංක්‍රමණිකයන්ව මැලේසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවලට ප්‍රවාහනය කර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම පිරිස අතර ශ්‍රී ලාංකියන් 24 දෙනෙකු සිට ඇති බවත් ඒ අතර පිරිමි 12 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු, පිරිමි දරුවන් 2 දෙනෙකු, ගැහැණු දරුවන් 2 දෙනෙකු සිටි බව මැලේසියානු පොලිසිය පවසයි.
ඊට අමතරව ඉන්දීය පුරවැසියන් 10 දෙනෙකු සිටි බවත් ඒ අතර පිරිමි 4 දෙනෙකු, කාන්තාවන් 3 දෙනෙකු, ගැහැණු ළමයින් 3 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.
1959 සහ 1963 ආගමන විගමන පනතේ 5 (2) වගන්තිය යටතේ ආගමන නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
(28535)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මිනිස් ජාවාරම් කළ ලාංකිකයන් තිදෙනෙකු මැලේසියාවෙන් අල්ලයි