IMG-LOGO

මිනිපේ සිංහයාට කොරියාවේ පුරවැසිභාවය

විනීතා එම් ගමගේ
 
කොරියාවේ දී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක් බේරා ගත් නිමල් බණ්ඩාර නමැති ශ්‍රී ලාංකික සේවකයාට කොරියානු රජය මඟින් එරට  පුරවැසිභාවය අද (18) පුදනු ලැබීය.


දකුණු කොරියාවේ රැකියාවේ නියුතුව සිටින විදේශිකයකුට සුවිශේෂී හේතුවක් මත එරට පුරවැසිභාවය හිමිවන පළමු අවස්ථාව මෙය වේ. 


ගින්නකට හසුවූ නිවසක හුදෙකලාව සිටි 91 ක් හැවිරිදි කොරියන් ජාතික කාන්තාවක් බේරාගැනීමට සිය ජීවිතය ද පරදුවට තබා ඉදිරිපත් වූ ඔහු එකී වීර ක‍්‍රියාව වෙනුවෙන් කොරියානු රජය විසින් මීට පෙර ජනාධිපති සම්මානයෙන් ද පුදනු  ලැබීය.


එම වයෝවෘද්ධ කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට නිමල් බණ්ඩාර මහතා සමත් වූ නමුත් එහිදී නිමල් මහතා ද දරුණු පිළිස්සුම් තුවාල හා දුම් ආඝ‍්‍රාණය වීම නිසා පෙනහලූ ආසාදනයකට ද ලක්ව දකුණු කොරියාවේ බෝගන් රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ කලක් ප‍්‍රතිකාර ලැබීය.      


කොරියානු රජය විසින් ඔහුගේ වීර ක‍්‍රියාව සඳහා ඉකුත් ජුනි මාසයේ දී උපහාර පුදනු ලැබු අතර පුරවැසිභාවය ලබා දීමට ද තීරණය කළේය. එහි නිල උත්සවය ඊයේ (17) දකුණු කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

 
හසලක, මිණිපේ පදිංචිකරුවකු වන 39 හැවිරිදි නිමල්  බණ්ඩාර මහතා 2016 වසරේ කොරියාවේ රැකියාවට ගොස් ඇති අතර ඔහු එහි ඇපල් වත්තක සේවය කරනු ලබයි. ඔහු දෙදරු පියෙකි. 


දකුණු කොරියාවේ පුරවැසිභාවය විදේශිකයකුට හිමිකරගත හැකි වන්නේ එරට තරුණියක් විවාහ කර ගැනීමෙන් පසුව රජයේ විභාගයකට ද මුහුණ දී ඉන් සමත්වුවහොත් පමණකි.


එම ක‍්‍රියාදාමයෙන් පරිබාහිරව පුරවැසිභාවය හිමිවූ ප‍්‍රථම විදේශිකයා තමන් වීම ගැන ආඩම්බර වෙන බවත් මෙය තම මව්බිමට අත්කර දුන් ගෞරවයක් සේ තමන් හිතන බවත් නිමල් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවැසී යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.


මෙම සිද්ධියෙන් පසු නිමල් බණ්ඩාර මහතා හැඳීන්වීමට එරට ශ්‍රී ලාංකිකයන් යොදන මිනිපේ සිංහයා යන අනවර්ථ නාමය මේ පිළිබඳ වාර්තා කිරීමේ දී එරට මාධ්‍ය ද යොදා ගෙන තිබෙනු දැකිය හැකිවිය.  
 



අදහස් (15)

මිනිපේ සිංහයාට කොරියාවේ පුරවැසිභාවය

vipula Tuesday, 18 December 2018 10:36 AM

හසලක ඉන්නේ කොහොමත් වීර ලේ වලින් උපන් පුතුන් .....

:       0       11

Nuwan Tuesday, 18 December 2018 10:42 AM

හොර පාරෙන් රටවල් වලට ගිහින් රටේ නම විනාස කරන අය වගේ මිනිස්සුන් අතර මොහු දෙවියෙක්!

:       0       7

Bamunuarachchi Tuesday, 18 December 2018 10:53 AM

ඔබට කරපු පින් මේ ආත්මයේ දීම පඩිසන් දුන්නා. පින් මදි නිසා අපි මේ ජරා වලේම ඉපදී ඉපදී මැරෙනවා

:       0       0

Saumya Tuesday, 18 December 2018 10:56 AM

ඔබතුමා සිතන පතන සියලුදේ ඉටුවේවා, ඔබතුමාට ජයවේවා, තවත් මෙවැනි වීර ක්‍රියා කර, ලංකා මෑණියන්ගේ නම බබලවන්නට වාසනාව ලැබේවා....!!!

:       0       1

BamunuarachchiWednesday, 19 December 2018 08:28 AM

ලක් මෑණියන්ගේ නම වැරදිලාවත් කියන්න එපා බැංකුවකට වද්ද ගන්න එකක් නැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 18 December 2018 11:01 AM

ඔබලා පිටරටදී ලබන ගෞරවයන් මෙරටට පුදකරන්න ලැහැස්තිවන්න එපා. එය හරියට අතට ලැබුන මැණිකක් මුහුදට විසිකරනවා වගේ වැඩක්.

:       1       0

sanjeewa Tuesday, 18 December 2018 11:08 AM

පුරවැසි නෙමෙයි නිත්‍ය පදිංචිය. හරියට කියෝලා නැතිව වගෙයි. මොන රටේවත් එක සැරේට පුරවැසිකම දෙන්නේ නෑ. ඉස්සල්ල නිත්‍ය පදිංචිය දීලා තමයි දෙන්නේ.

:       0       0

mangala Tuesday, 18 December 2018 11:28 AM

සතුටුයි, ගමත් හසලකනේ

:       0       0

surath Tuesday, 18 December 2018 11:50 AM

ආඩම්බරයි සහෝ.

:       0       0

Dasa Tuesday, 18 December 2018 01:06 PM

සිගාලයන් අතර කලාතුරකින් හමුවෙන සැබෑම සිංහයෙක්! ඔබට දීර්ගයුෂ සහ නිරෝගී සුවය !

:       0       4

සේන Tuesday, 18 December 2018 01:10 PM

මට හසලක ගාම්ණී මතක් වුණා. දෙන්නම වීරයෝ. දෙන්නම හසලක.

:       0       6

සමන් Wednesday, 19 December 2018 03:28 AM

සංජීව මහත්තයා නිත්‍ය පුරවැසිභාවය මුලින් දෙන්නේ සරණාගත වීසා මත යන අයට.. නමුත් රජයකින් යම් විශේෂ දෙයක් එම රටට කලොත් දෙන්නේ පුරවැසිභාවය ඒ කියන්නේ ඔහුට හෝ ඇයට එම රටේ ජාතිකත්වය හිමිවෙනවා.. මෑතකදී ප්‍රංශයේ කලු ජාතිකයෙක් කල වීර ක්‍රියවට එම රටේ පුරවැසිභාවය ලබාදුන්නා.. මම හිතන්නේ ඹබතුමා සරණාගත විසා මත යුරෝපයේ සිටින අයෙක් විය හැක.. ලොව ඕනෑම රටක එම රටට යම් කිසි පිලිගත හැකි වීර ක්‍රියාවක් හෝ අයෝජනයක් කල හොත් පුරවැසිභාවය දෙනවා.. මම ඉන්න රටෙි වුනත් එය එසේමයි.. මිලියන 1000ක් ආයෝජනය කරන්න පුලුවන් නම් පහුවදාම පුරවැසිභාවය ගත හැක නමුත් ප්‍රංශ, ඉංග්‍රීසි, ස්වදේශීය භාෂාව යන තුනෙන් දෙකක් කතා කීරීමට ද හැකිවිය යුතුයි.

:       0       0

sanjeewaWednesday, 19 December 2018 10:41 AM

සමන් ඉස්සල්ල මේක ගැන තියෙන හරි නිව්ස් එක කියවන්න. එහෙම පුරවැසිකම දෙන්නේ සම්මානනීය පුරවැසිකම විතරයි. ප්‍රංශේ හිටපු මනුස්සයටත් පුරවැසිකම නෙමෙයි හම්බවුනේ...

:       0       0

Nihal Wednesday, 19 December 2018 06:40 AM

ප්‍රංශයේ පුරවැසිබාවය ලබාගැනීමට ප්‍රංස බස අනිවාර්යයි . මෙහි ඉංග්‍රීසි වචනයක් භාවිත නොකරයි

:       0       0

සමන් Wednesday, 19 December 2018 08:54 AM

නිහාල් මහතා මම පවසා සිටියේ මම ජීවත් වෙන රටේ මිසක් ප්‍රංශය ගැන නෙමේ.... ඔබතුමා නොදන්නවානම් ස්පයිඩර් මෑන් ලෙස ප්‍රසිද්ධ වූ කලු ජාතිකයාට ප්‍රංශයේ පුරවැසිභාවය දුන්නා.. ඔහු ප්‍රංශයේ සරණාගත විසා මත හිටපු අයෙක්.. ලංකාවේ හැර අනෙක් සෑම රටකම එහි භාෂාව දැන ගත යුතුයි නිත්‍ය පදිංචිය ගැනීමට පවා... කෙනෙක් එම රටට අදාලව ගුවන් බලපත්‍රය භාවිතා කිරීමට අවසර දේනම් ඒ පුද්ගලයා එම රටේ පුරවැසියෙකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site