(බිඟුන් මේනක ගමගේ)
සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැනට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට හිමි නොවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි එ.ජ.නි.ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
සාලින්ද දිසානායක මහතා මිය ගිය පසු ඒ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරිවරයාට දැනුම් දෙන අවස්ථාව වන විට ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස් වී සිටීම ඔහු ඊට හේතුව හැටියට දැක්වීය.
එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඉතුත් අගෝස්තු 5 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අභාවයෙන් මාසයක කාලයක් ඉක්ම ගොස් ඇතත් අදාළ පුරප්පාඩුව පිරවීමට තවමත් හැකි වී නැත.
සාලින්ද දිසානායක මහතාගෙන් පසුව කුරුණෑගල එ.ජ.සි.නි.ස ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටියේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශාන්ත බණ්ඩාර මහතාය. ශාන්ත බණ්ඩාර මහතා සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මිය යනවිට පත්කළ මන්ත්‍රීවරයකු වශයෙන් පත්ව සිටි හෙයින් ඒ පුරප්පාඩුවට සුදුසුකම් ලැබුවේ ශාන්ත බණ්ඩාරගෙන් පසුව ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන සිටි වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී.බී හේරත් මහතාය.
ශාන්ත බණ්ඩාර මහතා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය බව කියමින් අගෝස්තු 07 වැනිදා පත්කළ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
COMMENTS
ඔයාට තියෙන නිවට මන්ත්‍රී උරචක්‍ර මාලයට අමතරව තව "නිවට මන්ත්‍රී "කමක් එපාද මෙයා......???
සිරිගේ තවත් පරාජයක්.. මහින්දගේ ඇගේ එල්ලෙන්නත් ඕන ඒත් දිය යටින් ගින්දරත් අරන් යනවා නේද.. ලැජ්ජයි...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැතිවනතුරු ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලැබූ පුද්ගලයා සතුටින් බලා සිටින රටක්..
හිටපු මන්ත්‍රී මිය යනවිට ඔහු මන්ත්‍රී කෙනෙක් නිසා ඔහු. සුදුසු නැහැ.
2015 දිී ශාන්ත බණ්ඩාර ප්‍රකාශ කරා අපේ පක්ෂයේ ලේකම් අපේ පක්ෂයේ සභාපතිව පරද්දපු එක පක්ෂයේ ජයග්‍රහණයක් කියලා. ඒ වගේ මොලයක් තියෙන කෙනෙක් මන්ත්‍රී කමට සුදුසුද නැද්ද. එයාට කවුද ඔය ඉල්ලලා අස්වෙන්න කිව්වේ. ඊටත් වඩා හොඳ මොලකාරයෙක්ද?