IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්ත්‍රීවරුන් 13ක් 2018 දී මැතිසබේ දවසක්වත් කතා කර නෑ

ඩයනා උදයංගනී 
 
පසුගිය 2018 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනකුම පාර්ලිමේන්තුවේදී අදහස් ප‍්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.
 
මන්ත‍්‍රී ඩොට් එල්. කේ  (Manthri.lk) නැමති වෙබ් අඩවිය මගින් සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබේ. 
 
මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් 12 දෙනෙකුම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්තී‍්‍රවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.
 
ඒ අනුව ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ සරත් අමුණුගම, ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අංගජන් රාමනාදන්, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර, ආරුමුගන් තොණ්ඩමන්, තේනුක විදානගමගේ සහ දුලිප් විජේසේකර යන මන්ත‍්‍රීවරුන් මෙන්ම ඒක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක මහතාද 2018 වසරේදී පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වා නොමැත. 
 
2018 වසරේදී පාර්ලිමේන්තු දින 77ක් පවත්වා ඇති අතර ඉහත සඳහන් කළ මන්ත‍්‍රීවරුන්ගෙන් 7 දෙනෙකුම පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එයින් දින 30කට අඩු සංඛ්‍යාවකදී පමණි.
 
ඒ අතරින් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ දින 16ක් පමණි.
 
පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා හැන්සාඞ් දත්ත මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදුකර තිබේ.



අදහස් (10)

මන්ත්‍රීවරුන් 13ක් 2018 දී මැතිසබේ දවසක්වත් කතා කර නෑ

Raveendra Tuesday, 26 February 2019 03:23 PM

මෙවන් අයට බදු ගෙවන අහිංසක පුරවැසියන් වන අප විසින් අපටම මඩුවලිගෙන් තලාගත යුතුය. මෙය මොවුන් මහජනතාවගේ වරප්‍රසාද උල්ලංඝනය කළා නොවේද? එබැවින් මහජනතාවගේ වරප්‍රසාද උල්ලංගනය කිරීමේ වරද මෙම අයව පන්නා දැමිය යුතුමය.

:       0       173

chandimaTuesday, 26 February 2019 05:26 PM

කට ගහන්න ගිහින් මොකටද මීළඟ සැරේ ලැයිස්තුවෙන් නම කපා ගන්නේ කියලා නිශ්ශබ්දව ඉන්නවා වෙන්න ඇති. සුවචව, එකත්පස්ව ඉන්න තරමට පක්ෂ නායකයෝ කැමති නිසා.

:       0       28

Saratg Tuesday, 26 February 2019 04:00 PM

මේ අය ගියත් වැඩක් නැ

:       0       46

නිමල් Tuesday, 26 February 2019 05:02 PM

අදහස් තියෙන්න ඕනිනේ ප්‍රකාශ කරන්න? අනික ඔතෙනට එන්න පොරකන හැමෝම කතා කරන්න අදහසකින් එන කට්ටිය නොවෙයිනේ!!

:       0       120

රවින් Tuesday, 26 February 2019 05:36 PM

කතා නොකරපු අයගෙන් කීදෙනෙක් අට පාස්ද?

:       0       13

Mahee Tuesday, 26 February 2019 06:30 PM

මිනිසුන් තමන් දන්නා දේවල් පමණක් කතා කරන්නට පටන් ගතහොත් මිනිත්තු කීපයක් ඇතුලත ලෝකය නිශ්ශබ්දතාවයෙන් පිරී යාවි යනුවෙන් කියමනක් තියෙනවා. ඒ කියමනට අනුගත වෙමින් කට වහගෙන සිටි මේ මන්ත්‍රීන්ට මගේ ගෞරවය!

:       1       66

RaveendraWednesday, 27 February 2019 02:01 AM

ඔබගේ අදහස් නිවැරදියි මෙයාලා කට ඇරියොත් අනිකා වැරදියි, අනිකා හොරා මම සුදනා කියා ගත්ත ගමන්මනේ ඉන්නේ. අනිත් කරුණ වන්නේ කට ඇරියොත් බොරුමයි කියන්නේ එබැවින් මෙම මුසල කටවල් සදහටම වසා තැබීමෙන් රටනම් විශාල සේවයක් වෙනවා නියතය.

:       1       4

Sumith Tuesday, 26 February 2019 07:19 PM

වීණා වැයුවට වැඩක් නැ කියලා හිතෙන්න ඇති

:       3       161

උදය Wednesday, 27 February 2019 02:29 AM

පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නවත් කට ඇරලා නැද්ද?

:       0       10

parakkrama Wednesday, 27 February 2019 05:12 AM

ගල්ඉබ්බෝ කියන්නේ ගල් ඉබ්බන්ටම තමා . උන්ගේ සමාජයේ උන්ගේ භාෂාවෙන් අදහස් හුවමාරු කරගත්තත් අපට ඇසෙන්නේත් නැහැ තේරෙන්නෙත් නැහැ . එහෙම උන් මැතිසබේට යැව්වාම එතන වෙන්නෙත් ඒ ටිකම තමා. ඉතින් ශත පහකට වැඩක් නැති ගල්ඉබ්බන් එතනට යැව්වේ අපිම නේද ? අප කළවරදට අපි අපටම මඩු වලිගයෙන් තලාගෙන , පාට කන්නාඩි තුලින් නොබලා, හිසේ සිට දෙපතුලට පාට පාට තවරා නොගෙන , ගල් ඉබ්බන්ගේ මඩ සෝදන්න යන්නේ නැතිව , සිහි බුද්ධියෙන් ඉදිරියේදී අපේ වටිනා ඡන්දයේ බලය පෙන්වමු. නම් ටික ප්‍රසිද්ධ කර ජනතාව දැනුවත් කළ ආයතනවලට තුති පුද කරමු. වසන්ත සේනානායක, වසන්ත පෙරේරා ගැන ද සිතා බැලිය යුතුය. අපරාදේ අපේ සල්ලි. දවස් 16 ට ලක්ෂ කීයක් පඩි අරගෙන ඇත්ද ? කොච්චර හම්බ කරගෙන ඇත්ද ? මොවුන් වෙනුවෙන් කහින , කඩේ යන අමනයින් කොතරම් මේ රටේ ඇත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site