IMG-LOGO

මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් ’’ඉගෙනුම’’ කියන්න බය වෙලා

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම  මග හැර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නැවත වරක් සිහිකැඳවීමක් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්  යම් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යා යුතු හෙයින්   ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව   තොරතුරු  ලබාදෙන්නැයි  පාර්ලිමේන්තු ප්‍රධානීන් ඉල්ලීමක් කර ඇත්තේ  කාලයකට  පෙර සිටය.

එහෙත් කොටසක් එම ඉල්ලීමට තවමත් සාර්ථක ප්‍රතිචාර දක්වා  නැති  බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පුද්ගලයන්  තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වැඩි වශයෙන්  ඉල්ලන  තොරතුරු අතර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශේෂිතය.

එහෙත් මන්ත්‍රීවරුන් කොටසක්  අධ්‍යාපන සුදුසුකම් එලෙස ලබා නොදීම නිසා  තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලබාදීම කළ නොහැකිවී ඇතැයි  පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.



අදහස් (11)

මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් ’’ඉගෙනුම’’ කියන්න බය වෙලා

ravin Saturday, 05 March 2022 11:34 AM

නිසි තොරතුරු දෙන්න විදිහක් නෑ. දැන් ඉස්කෝලවල අසමත් කිරීමේ ක්‍රමවේදය අනුව සාමාන්‍ය පෙළ පන්තියට ගිහින් තියෙනවා. අනික මාල කඩන්න, කසිප්පු පෙරන්න, හොරකමට, කුඩු විකිණීමට යන ආදී ශිෂ්ඨ සමාජ විරෝධී කටයුතු වලට සම්බන්ධ වීමට අධ්‍යාපන සුදුසුකමක් ඕනෑද? තව කට්ටියක් ඉන්නවා...

:       0       36

ranjith Saturday, 05 March 2022 11:59 AM

මේ වගේ කණ්ඩායමකින් රට දියුණු කරන්න පුළුවන්ද? තක්කඩිකම විතරක් තිබුණට රටක් දියුණු කරන්න බෑ. අද රටට වෙලා තියෙන කරුමය මේක තමයි..

:       1       35

Ajith Saturday, 05 March 2022 12:16 PM

ඔය මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරන්න බැරිද? නම සඳහන් කරලා දැම්මා නම් නේද හොඳ...?

:       1       32

Sanath KandySaturday, 05 March 2022 12:53 PM

කෝච්චිවල මාලකඩපු අය පාර්ලිමේන්තුවට එවලා අධ්‍යාපන සුදුසුකම් අහන්න එපා...

:       1       39

වර්නන් Saturday, 05 March 2022 02:12 PM

තොරතුරු ලබාදී නොමැති නම්, වහාම මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්න. එය නොකිරීම ඔබගේ වරදකි...

:       0       18

Darma Saturday, 05 March 2022 03:06 PM

කියන්න ඉගෙනගන්න එපායැ. කසිප්පු පෙරන්න, මාල කඩන්න, කැලෑ කපන්න, ගංජා වවන්න නිධන් හාරන්න මොකටද ඉගෙනීමක්...? ඕන නම් තාත්තලගේ හයියෙන් රටකට ගිහින් උපාධියක් ගත්තා කියනවනේ. අනික උගතුන් කිව්වාට ඒ අයත් හොරු. පොලිසියේ රස්සාව කරලා නැත්නම් දත් ගලෝලා නැව් ගන්න කැට හොල්ලවල කප්පම් අරගෙන තට්ටු බිල්ඩින් ගන්න අයනේ...

:       0       18

Kule Saturday, 05 March 2022 03:58 PM

ඒ අයට අධ්‍යාපන සුදුසුකම කියන එක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නවත් පුළුවන් අධ්‍යාපන මට්ටමක එයාලා නෑ.. ඒකයි ප්‍රශ්නය.

:       0       14

Prabha Saturday, 05 March 2022 04:16 PM

පක්ෂ ලේකම්ලාගෙන් අහන්න. නොමිනේෂන් දෙන්නේ ඉල්ලුම්පතේ සුදුසුකම් එහෙම බලලා කියනවනේ...

:       0       14

Pradeep Kumara Saturday, 05 March 2022 04:21 PM

ඔය මිනිස්සුන්ව ඔච්චරම අසරණ කරන්න එපා. සුදුසුකම් තියනවා නම් අහන්නත් කලින්මනේ දෙන්නේ... ඇයි බැරි මැතිවරණයට නාම යෝජනා බාරදෙන අවස්ථාවේ ඕක බලන්න. අවම මූලික සුදුසුකමක් නියම නොකිරීමයි වරද...!

:       0       15

Jagath Santha -Arachchi kittuwa. Sunday, 06 March 2022 11:53 AM

මහත්වරුනි, ඔබතුමන්ලාත් බයවෙලා නේද? ඔය තොරතුරු දීපු අයගේ නම් ටික දාන්නකෝ... එතකොට අපට හිතාගන්න පුළුවන් තොරතුරු නොදීපු ‘‘වියතුන්‘‘ කවුද කියලා? බොහොම ‘‘සිම්පල්‘‘ වැඩක්..

:       0       1

චමින්ද Sunday, 06 March 2022 03:11 PM

ටිකක් ඉවසා සිටින්න.. තවමත් සහතික දීමට හැකියාව ඇති උත්තමයා රාජකාරි බාරගෙන වැඩිකලක් නැහැනේ... ඉක්මනින් ආචාර්ය, මහාචාර්ය තනතුරු දේවි යැයි සිතනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site