IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


මාධ්‍ය උපමාන සංශෝධනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

(සජීව විජේවීර)

ස්වාධීන මැතිවරණ කොමිසමේ හෙට (19) පැවැත්වෙන රැස්වීමේ දී මාධ්‍ය උපමාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

දැනට පවතින මාධ්‍ය උපමාන පෞද්ගලික මාධ්‍ය ආයතන ක්‍රියාත්ක නොකළ ද ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් මෙලෙස එම උපමාන සංශෝධනය කිරීම කෙරෙහි අවදානය යොමුකරන බව දේශප්‍රිය මහතා කීය.

මැතිවරණ කාලයේ දී පුවත්පත් සහ රජයේ මාධ්‍ය අපක්ෂපාතී ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට විශාල මැදහත්වීමක් කළ හැකි වුව ද පෞද්ගලික රූපවාහිනී නාලිකා සඳහා එවැනි මැදහත්වීමක් කළ නොහැකි වීම ගැටලුවක් වී ඇති බව ද පැවසීය.

පුවත්පතක් මැතිවරණයක දී පක්ෂපාතී ලෙස කටයුතු කළහොත් හෝ අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කළහොත් හෝ කතුවරයා වගකිව යුතු බවට නීති පැවතුන ද එය අනෙකුත් මාධ්‍යවලට අදාල නොවන බව ඒ මහතා කීය.

එබැවින් ඉදිරියේ දී සියලු මාධ්‍යවලට බලපාන ආකාරයේ උපමාන බලාත්මක කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ද හෙතෙම පැවසීය.

මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

 ''අපි දන්නවා මැතිවරණ කාලයේ දී වැරදි තොරතුරු, වෛරී ප්‍රකාශන, නිර්මාණය කරන ලද තොරතුරු, කූඨ තොරතුරු සහ අඩුවෙන් තොරතුරු ලබාදීම මාධ්‍ය ආයතන වගේම පුරවැසි මාධ්‍ය තුළත් කරනවා.

මේ සඳහා මාධ්‍ය උපමාන තිබෙනවා. නමුත් එය අපට ක්‍රියාත්මක කළ හැකිවන්නේ රජයේ මාධ්‍යවලට පමණයි. මෙය ඇත්තටම පුරවැසි මාධ්‍යවලටත් ඇතුළත් විය යුතුයි. මේ වගේ කතාවක් කිව්වමත් ඔන්න පත්තරවල වෙබ් වල ලොකුවට ගහනවා මැතිවරණ කොමිසම මාධ්‍යවලට අත තියනවා කියලා. සමාජ මාධ්‍ය තහනම් කරන්න යනවා කියලා. ඉතින් මම විතරක් නෙවෙයි මියගිය අය පවා බැනුම් අහනවා.

ඉතින් මේක නිවැරදි කරන්න කිව්වට කවුරුවත් කරන්නෙත් නැහැ. මාධ්‍යවලට මිනිසුන්ගේ ජනමතය වෙනස් කරන්න දෙන්න බැහැ. ඒක වෙන්න ඕනෑ දේශපාලන ප්‍රතිපත්ති මත. ඒ නිසා තමයි දැනට පුවත්පත්වලට බලපාන නීති අනිත් මාධ්‍යයටත් ගේන්න අවශ්‍ය වන්නේ.

නමුත් පැහැදිලිවම ප්‍රකාශනයේ නිදහස තබාගනිමින්. අපි කරන්නේ හැමෝටම සෙල්ලම් කරන්න සම බිමක් නිර්මාණය කර දීම. වැඩිපුරම අවශ්‍ය වන්නේ මාධ්‍යයට නීති දැමීම නෙවෙයි. ස්වයං වාරණයක් ඇතිකර ගැනීම. නමුත් නීති නැති රටක කොහොම ද අපි මාධ්‍ය පාලනය කරන්නේ."

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මාධ්‍ය උපමාන ශක්තිමත් කිරීම කඩිනමින් විය යුතු දෙයක් බවයි. 

 



අදහස් (2)

මාධ්‍ය උපමාන සංශෝධනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

බන්දුල Tuesday, 18 February 2020 02:18 PM

මෙයාගේ බොරු කයිවාරු විතරයි. දැන්වත් අර කලින් කිව්වා වගේ ඉල්ලා අස්වෙලා යන්නකෝ. මොකද වෙන සුදුසුකම් සහිත හොද මිනිසුන් නැතිවද මැතිවරණ කොමිසමට.

:       27       131

Sadaranaya Wednesday, 19 February 2020 12:57 AM

කෙලින් වැඩ කරන්නකෝ. ඔයා කියවනවා විතරයිනේ.

:       2       25

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ගම්පොළ පාසලක සිසුවකුට ගිනි තියලා
2025 මාර්තු මස 16 237 0

තිනර් බෝතලයක් සොරා ගැනීමේ සිද්ධියක් පාවාදීමට පළිය ගන්නා බව පවසා පාසල් පන්ති කාමරයේදී තිනර්වලට ගිනි අවුළුවා සිසුවකුට ගිනි තැබූ බව කියන පහ වසර සිසුන් ත


‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘
2025 මාර්තු මස 16 524 0

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැව



ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත්
2025 මාර්තු මස 16 363 0

බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍


රෑනෙන් හැළුණු අලි පැංචෝ
2025 මාර්තු මස 16 1207 0

පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් වෙන් වූ අලි පැටව් දෙදෙනකු හමුවී ඇතැයි ගම්වාසීහු පවසති.


අභිනව මහා නා හිමිට මුස්ලිම් පල්ලියෙන් උපහාර
2025 මාර්තු මස 16 1149 2

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයකට යන අතර තුර බලංගොඩ ගොරකගහමඩ මුස්ලිම් පල්ලියට වැඩම ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 316 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 752 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 289 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site