IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාධ්‍යවේධිනියට එරෙහිව පැමිණිලි කළේ නෑ

ලංකාදීප මාධ්‍යවේධිනි රේඛා තරංගනී මහත්මිය අධිකරණ භූමියේ ජායාරූප ගන්න ආකාරය තමා නුදුටු බවත්, ඇය එසේ කළබව තමාට පැවසුවේ පොලිසිය බවත් එවටක  සිටි  මහේස්ත්‍රාත්තුමිය කළ  දැනුම් දීමට අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නා මිස මාධ්‍යවේදිනියට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කලේ නැති  බවත් මොරටු අධිකරණ හිටපු රෙජිස්ටාර් සිරියාවති පොන්සේකා මහත්මිය (26)මොරටු අධිකරණයේදී පැවසීය.

ඇය සාක්කි ලබා දුන්නේ මොරටු අධිකරණයෙන් සැකකරුවකු පැනයාමේදී ජායාරූප ගැනීමේ සිද්ධියට අදාළව ලංකාදීප මාධ්‍යවේදිනි අධිකරණයට  අපහස කළේ යයි මොරටුව පොලිසිය  විසින් පවත්වනු ලැබූ නඩුව මොරටුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.බී.එච්.ඩී ආර් වැලිගොඩපිටිය මහතා හමුවේ  විභාගයට ගත් අවස්ථාවේදීය.

එහිදී පැමිනිලිකාරිය වන සිරියාවති ෆොන්සේකා මහත්මියගෙන් සහ පොලිස් පරික්ෂක ප්‍රනාන්දු  යන අයගේ සාක්ෂි අතිරේක මහේස්ත්‍රාත් හමුවේ විභායට ගැනුණි.

විජය  පුවත්පත් සමාගම වෙනුවෙන් නීතිඥ  විශ්වා ගුණරත්න මහතා පෙනී සිටි අතර ‍පොලිස් පරික්ෂක දමිත  පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙයවීය.

විජය  පුවත්පත් සමාගම වෙනුවෙන්  පෙනී සිටි  නීතිඥ  විශ්ව ගුණරත්න මහතා රෙජිස්ට්‍රාර් වරියගෙන් මෙසේ හරස් ප්‍රශ්න ඇසීය.

නීතිඥ:  විශ්‍රාම යාමට පෙර ඔබ සේවය කළේ කොහේද  කවුරුන් හැටියටද

රෙජිස්ට්‍රාර්:  මොරටුව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය  ලෙස

නීතිඥ:  අධිකරණයෙන් සැකකරුවකු පැන ගිය  සිදුවීමක්  ඔබ දන්නවාද

රෙජිස්ට්‍රාර්:   ඔව්  මම දන්නවා

නීතිඥ:    කවදද එය සිදු වුණේ

රෙජිස්ට්‍රාර්:    2017/12//07

නීතිඥ:    එදිනම සිදු වු ඡායාරෑප  ගැනීමේ  සිදුවීම මතකද

රෙජිස්ට්‍රාර්:ඔව් මට මතකයි

නීතිඥ:සැකකාරිය ජායාරූප   ගන්නවා ඔබ දුටුවාද

රෙජිස්ට්‍රාර්: නෑ මම ආහාර ගනිමින්  සිටියදී කාන්තාවක් අධිකරණ භූමියේ  ජායාරූප ගන්න බව පොලිසියෙන්  මට  දැන්නුවා

නීතිඥ:  එය දැනගත්  ඔබ මොකද  කළේ

රෙජිස්ට්‍රාර්:  මම කාර්යාලෙන්  එළියට ඇවිත් ඒ ගැන සොයා බැලුවා

නීතිඥ: ඇය  අතේ කැමරාවක් තියෙනවා ඔබ  දුටුවාද

රෙජිස්ට්‍රාර්:  නෑ මම කැමරාවක් දුටුවේ නෑ ඇය අතේ ජංගම දුරකථනයක් තිබුණා

නීතිඥ:ජංගම දුරකථනයෙන් හෝ ජායාරෑප ගන්නවා ඔබ  දුටුවාද

රෙජිස්ට්‍රාර්:නෑ මම  දුටුවේ නෑ

නීතිඥ:  ජංගම  දුරකථන අධිකරණ භුමියට ගෙන  එන්න තහනම්ද? එය නීතියක් විදිහට තියෙනවාද

රෙජිස්ට්‍රාර්:එය නීතියක්  විදිහට තිබෙන බවක් මම දන්නේ නෑ ඒත් විනිසුරැතුමන්ලාගේ අන පරිදි  ජංගම දුරකථන ගෙන එන්න දෙන්නේ නැ හඬ නිහඬ කරගෙන සමහරු  රැගෙන එන අවස්ථා තියෙනවා එය  සොයා  බැලීම මගේ රාජකාරිය නොවෙයි.

නීතිඥ:  මාධ්‍ය  වේදීන් අධිකරණයේ මාධ්‍ය ආවරණයේදී ඔබෙන් අවසර  ගත යුතු යයි ඔබගේ  තනතුර වෙනුවෙන් ඇති  චක්‍ර  ලේඛනයේ බලය පැවරීමක්  තිබෙනවාද?

රෙජිස්ට්‍රාර්:මා ඒ  බව දන්නේ  නෑ.

නිතිඥ:ඇය අධිකරණ භුමියේ ඡායාරූප ගන්නා බව පොලිසියෙන් ඔබට දැන්නුවාම කාර්යාලයෙන්  පැමිණි ඔබ මාධ්‍යවේදිණිය වෙනුවෙන්  මොන  වගේ ක්‍රියා මාර්ගයක්ද ගත්තේ

රෙජිස්ට්‍රාර්:මම ඇයට කිව්වා ජායාරූප  ගත්ත නම් මකා දමන්න කියා

නීතිඥ:ඇය එයට එරෙහි වුවාද?ඇය  මොකද කළේ.

රෙජිස්ට්‍රාර්:ඇය මට එරෙහි වුයේ නෑ නම්‍යශිලිව  කටයුතු කළා

නීතිඥ:ඇය ලබා ගත්  බව කියන ජායාරෑප ලංකාදීප පුවත්පතේ හෝ කිසියම් මාධ්‍යක පල කර තිබෙනු ඔබ දුටුවාද

රෙජිස්ට්‍රාර්:නෑ මම එහෙම දෙයක් දුටුවේ නෑ.

නීතිඥ:  ඇය ඡායාරූප ගත්ත  බවක්   දුටුවේත් නැතිනම් ඇය නම්‍යශීලිව  කටයුතු කළා  නම් ඇයි  ඔබ  ඇයට එරෙහිව  පැමිණිල්ලක් කළේ.  මම යෝජනා කරනවා  ඔබ නීතියක් නැතිව  රීතියක්  නැතිව කිසිවෙකුගේ ඔබට සිදුකළ පීඩනය මත  ඇයට  එරෙහිව බොරු පැමිණිල්ලක් කළ බවට.

රෙජිස්ට්‍රාර්:මම පැමිණිල්ලක් නොවේ  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්  පමණයි කළේ.

නීතිඥ:  මේ  සිදුවීම සම්බන්ධයෙන් මොරටු පොලිසියෙන් අධිකරණයට 2018/1/8දින කරුණු වාර්තා කරලා තිබුණා අධිකරණයට  කරුණු වාර්තා කළ දිනම ඇයට වරෙන්තු නිකුත්  කළා

ඒ අනුව එවකට මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන්  අතිරේක මහේස්ත්‍රාත්ට නඩුව යොමු කරන්න අප පියවර ගත්තා.

මම ඔබට යෝජනා  කරනවා ඔබ විනිසුරුතුමිය විසින් කළ පීඩනය නිසා මේ පැමිණිල්ල කළා කියලා.

රෙජිස්ට්‍රාර්:නෑ මම  පැමිණිලි කළේ නෑ මගේ ප්‍රධානියා වුන  විණිසුරුතුමියගේ දැනුම්දීමට අනුව පොලීසියට ප්‍රකාශ ලබා දුන්නා පමණයි පැමිණිල්ලක් කළේ නෑ යයි රෙජිස්ට්‍රාර්වරිය වැඩිදුරටත් පැවසීය.

මෙදින පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකරු ලෙස සැකකරු අධිකරණ වහලෙන් පැන යන අවස්ථාවේ එහි ආරක්ෂාව සැලසීමේ රාජකාරියේ යෙදී සිටිබව කියන පොලිස් පරීක්ෂක එම්.එස්.පී ප්‍රනාන්දු මහතාගෙන් සාක්ෂි විමසීම විශ්ව ගුණරත්න මහතා සිදු කරනු ලැබීය.

 

නීතිඥ : ඔබ සේවය කරන්නේ මොන පොලිසියෙද

පැමිණිලි සාක්ෂි දෙක: මොරටු පොලිස් සුළු පැමිණිළි අංශයේ

නීතිඥ: මොරටුව අධිකරණයේ ඔබ කටයුතු සඳහා ඔබව යොමු කළේ කවුද

පැ.සා .දෙක: මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමා

නීතිඥ: මෙහිදී ඔබට පැවරෙන රාජකාරිය මොකක්ද

පැ.සා .දෙක: අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම ස්වාමිනී

නිතිඥ:සැකකරුවෙක් අධිකරණ සිර මැදිරියෙන් පැන ගිය සිද්ධිය මතකද?

පැ.සා .දෙක:මතකයි ස්වාමිනී

නිතිඥ:සිරකරු අධිකරණයෙන් පැන ගියේ ඔබගේ ආරක්ෂාවේ සිටියදී නේද

පැ.සා .දෙක:සිරකරුවන්ගේ ආරක්ෂාව බන්ධනාගාර ජේලර්ලටත් පැවරෙනවා මම සිදු කරන්නේ අධිකරණ භුමියේ ආරක්ෂාව සැලසීමයි.

නීතිඥ:කොහොමද ඔබ එය සිදු කරන්නේ.අධිකරණ භුමියට පැමිණෙන අය පරික්ෂාවට ලක් කරනවාද

පැ.සා .දෙක:ඔව් කාන්තා පුරුෂ දෙපාර්ශ්වයම පරික්ෂාවට ලක් කරනවා.

නීතිඥ:මොනවද එහිදී පරීක්ෂාවට ලක් කරන්නේ

පැ.සා .දෙක: ගමන් මලු ජංගම දුරකථන ගෙන එනවද කියලා බලනවා ස්වාමිනි

නීතිඥ:අධිකරණ භූමියට ජංගම දුරකථන ගෙන ඒම නීතිමය වශයෙන් තහනම්ද

පැ.සා .දෙක:මම එය දන්නේ නෑ විනිසුරුතුමන්ලාගේ නියමය පරිදි ජංගම දුරකථන ගෙන යන්න දෙන්නේ නෑ

නීතිඥ:සැකකරු පැනගිය දවසේ ඇති වූ ජායාරූප සිද්ධිය දන්නවද

පැ.සා .දෙක:දන්නවා ස්වාමිනී

නීතිඥ:ඡායාරූප සිද්ධිය වෙන අවස්ථාවේ ඔබ හිටියේ කොහෙද

පැ.සා .දෙක:අධිකරණ භුමියේ ස්වාමිනි

නීතිඥ:ඔබ විත්තිකාරිය අඳුරණවාද

පැ.සා .දෙක:නෑ මම ඇය අඳුරන්නේ නෑ

නීතිඥ: ලංකාදීප පුවත්පතේ සේවය කරණ අධිකරණයට එන යන වාර්තාකාරිණිය ඔබ හඳුනන්නේ නැද්ද

පැ.සා .දෙක:(මදක් නිහඬව සිට)නෑ ස්වාමිණි

නිතිඥ: ඡායාරූප සිද්ධිය වෙන අවස්ථාවේ ඔබ මාධ්‍යවේදිණිය දකිනකොට ඇය කොහෙද හිටියේ.ඇය අතේ මොකුත් තිබුනද

 

පැ.සා .දෙක: ඇයගේ අතේ ජංගම දුරකථනයක් තිබුණා උරහිසේ කැමරාව තිබුණා.

නීතිඥ:ඇය එයින් ඡායාරෑප ගන්නවා ඔබ දුටුවද?

පැ.සා .දෙක:නෑ ඇය කැමරාව (උරහිස පෙන්වමින්)මෙතන එල්ලන් හිටිය

නීතිඥ:  ඔබ කියන පරිදි ඇය අධිකරණ භූමියට පැමිණියේ කැමරාවත් ජංගම දුරකතනයත් රැගෙන නම් පැමිණෙන සියලු දෙනා අධිකරණ භුමියට ඇතුලු කර ගන්නේ ඔබගේ  හෝ ඔබගේ නිලධාරින්ගේ ආරක්ෂක පරීක්ෂාව සිදුකර නම් ඇය අධිකරණ භුමියට පැමිනිනේ කුඩා කවුලුවකින්ද?දොරටුවෙන් නෙවෙයිද?

ගේට්වුවේ රඳවා සිටි ඔබේ නිලධාරින් ඇයට එන්න දුන්නද කොහොමද ඇය කැමරාව ජංගම දුරකථනය රැගෙන අධිකරණ භුමියට ආවේ

පැ.සා .දෙක: නිහඬව සිටී

නීතිඥ:මම යෝජනා කරනවා ඔබට අධිකරණයට ආරක්ෂාව සලසන්න බෑ ඔබ අධක්ෂ නිලධාරියෙක් කියලා

පැ.සා .දෙක: නිහඬයි

නිතිඥ:ඇය එසේ සිටිනවා දුටුවිට ඹබ මොකද කළේ.කැමරාව ජංගම දුරකථනය ගත්තද

පැ.සා .දෙක:මම කැමරාව ගත්තා

නීතිඥ:කැමරාව අරන් ඔබ මොකද කළේ

පැ.සා .දෙක: මම එය විනිසුරු තුමාට පෙන්නුවා ඔහු කිව්වා ජායාරූප මකා දමන්න කියලා

නීතිඥ: ඔබ මුලින් කියු පරිදි ඔබගේ සේවා කාලය වසර 31 ආසන්නයි සාමාන්‍යයෙන් ඒ සේවා කාලයේදි සැකකරුවෙකු සම්බන්ධ සිදුවීමක් අපරාධයක්  ලද වහාම මොකක්ද කරන්නේ.

සැකකරුව කෙලින්ම විනිසුරු තුමා ලඟට අරන් දුවනවද එහෙම නැත්නම් ඒ සැකකරැ අත්අඩංගුවට ගෙන සිද්ධියට අදාලව පරික්ෂණ කටයුතු සිදු කර අධිකරනයට ඉදිරිපත් කරනවද

පැ.සා .දෙක: සිද්ධිය සහ සැකකරු ගැන පරික්ෂණ කටයුතු කර අවසානයේ අධිකරණය ඉදිරිපත් කරනවා

නීතිඥ:අත්අඩංගුවට ගත් කැමරාවක් පරිගණකයක් වගේ පරික්ෂාවට ලක් කරන්න කොහේද යවන්නේ

පැ.සා .දෙක:මොරටු කැම්පස් එකට ස්වාමිනී

නීතිඥ:මේ නඩුව වසරක් පුරා ඉදිරියට ගියා නඩුවට අදාලව අත් අඩංගුවට ගත්ත කැමරාවක් හෝ ‍ ඡායාරෑපයක් හෝ ජංගම දුරකථනයක්වත් නඩු භාන්ඩ ලෙස ඔබ අධිකරණයට ඉදිරිපත් කර නෑ.

මෙයින් පෙනී යන්නේ ඔබට අධිකරණයේ ආරක්ෂාව පමණක් නොවේ ඔබට ඔබේ රාජකාරිය ගැනත් අවබෝධයක් නෑ. ඔබ අදක්ෂ නිලධාරියෙක්  ඔබේ අදක්ෂකම වහ ගන්න හිතා මතාම මාධ්‍ය වේණියට බොරැ චෝදනා එල්ල කරන බවට මම යෝජනා කරනවා.

ජනතාවගේ දැන ගැනිමේ අයිතිය වෙනුවෙන් කටයුතු කළ මාධ්‍ය වේදිනියට බොරු චෝදනා  එල්ල කරමින් ඇය නඩුවකට පටලවමින්  ඔබ ඔබගේ අධක්ෂකම වහන්න උත්සහ කරනවා.

පැ.සා .දෙක: නිහඬයි

එපමණයි ස්වාමිනි.

එහිදී පැමිණිල්ලේ පස්වෙනි සාක්ෂිකරුද සාක්ෂියට කැඳවා ඇති බව පොකො (77406)අමිල යන අය විසින් අධිකරණයට දැන්වු අතර පස්වෙනි සාක්ෂිකරු සෙවීමට පොලිසියේ පිරිස අධිකරණ භූමියේ ඒ මේ අත දිව ගියහ

අවසානේ ඔහු අධිකරණ භූමියේ නොසිටි බවත් අධිකරණයේ සිටි බවත් මේ දැන් ඔහු නැත ස්වාමිනි යනුවෙන් පොකෝ 77406 අමිල යන අය විසින් අතිරේක මහේස්ත්‍රාත් වරයාට දැන්වීය.

එහිදී සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේත්ත්‍රාත් ආර්.බී.එච්.ඩී ආර් වැලිගොඩපිටිය මහතා පැමිනිල්ලේ ඉතිරි සාක්ෂි ජනවාරි 21 වැනි දින කැඳවන ලෙස එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරැවන්ට අධිකරණය හමුවේ පෙනී සිටිව ලෙසත් නියෝග කළේය.

නඩු විභාගයට පෙර මුල් පැමිණිල්ලේ සාක්කි පිටපත් මාධ්‍යවේදිනී රේඛා තරංගනී මහත්මියගේ ඉල්ලීමට අනුව නිතිඥ මධුරංග විජේරත්න මහතා මගින් මොරටු පොලිසියෙන් ඉල්ලුම් කර තිබුනි.

එකී පුර්න පිටපත වෙනුවට පිටපතේ කොටසක් පමණක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබු අතර ඒ පිළිබඳවද නීතිඥ විශ්වා ගුණරත්න මහතා අධිකරණයට දැන්වීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

මාධ්‍යවේධිනියට එරෙහිව පැමිණිලි කළේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site