(***රන්ජන් කස්තුරි)
මුදල් අමාත්‍යාංශය සහ මහාභාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කර තිබේ.
මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයා සිය මැයි මස වැටුපෙන් සියයට 50 ක්ද තවත් නිලධාරීන් පිරිසක් සියයට 25 සහ සියයට 10 බැගින්ද සේවකයින් තවත් පිරිසක් දිනක වැටුප වශයෙන්ද අනත්දරු ගිණුමට පරිත්‍යාග කර ඇත.
ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පෞද්ගලික ඉල්ලීම සලකා මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ කාර්ය මණ්ඩලය වැන්දඹු හා අනත්දරු ගිණුමට මෙලෙස මුදල් පරිත්‍යාග කර ඇතැයි සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලටනම් දෙන්නම ඕනේ.
මේ මාසෙ පඩියෙන් කොවිඩ් අරමුදලට කියා ගාණක් කපාගෙන ඇත. අපෙන් අහන්නෙත් නැතුව...
කැමැත්තෙන් දුන්නද, බලෙන් උදුරාගත්තද, කියන එක තමයි ප්‍රශ්නෙ... ඒත් ඉතින් භාණ්ඩාගාරයේත්, මුදල් අමාත්‍යාංශයේත් ඇති වෙන්න කාසි තිබෙන නිසා ටිකක් ගත්තත් ඒ අයට දැනෙන්නෙත් නැහැනේ.. ජනාධිපති විශ්‍රාමික කර්නල් ගෝඨාභයගේ ඉල්ලීම අනුව දානපතියන්ගෙන් එකතු කරගත් රුපියල් මිලියන ගණන් වලින් ඔය වියදම් පියවා ගන්න බැරිද කියලා මගේ ආච්චි අහනවා. එයා ඔයවගේ ගණන් හදන්න මාරෙට දක්ෂයි කියලා සීයත් දන්නවා.