IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මුදලට පක්ෂ මාරු කළේ නෑ - වඩිවෙල් සුරේෂ්

නාලක සංජීව දහනායක
 
මුදලට පක්‍ෂ මාරුකළ බවට තමන්ට චෝදනා කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව වැවිලිකර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අද (6) පැවසීය.
 
තමන් කිසිදිනක මුදලට පක්‍ෂ මාරුනොකළ බවත් වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්න විසඳීම සඳහා නව රජයේ අමාත්‍යධූරයක් බාරගැනීමට තීරණය කළ බවත් ඔහු කීය.
 
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
‘‘මම සල්ලි අරගෙන  පැති මාරුකළේ නැහැ. මම සල්ලිවලට පිල් මාරු කළා කියලා චෝදනා කරන අයට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. මම මේ රටට ආදරෙයි. කවුරු මොනව කිවුවත් බදුල්ලේ ජනතාව මම ගැන දන්නවා.
 
අවුරුදු 200ක් වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙහෙසුනා. නමුත් ඒ අයට වුණ සෙතක් නැහැ. නමුත් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න කම්කරු ජනතාව කවදාවත් අයුධ අතට ගත්තේ නැහැ. වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්නය හා උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න එකිනෙකට වෙනස්. අපේ ජනතාවට තිබෙන්නේ ඒ අයගේ ශ‍්‍රමයට සරිලන වැටුපක් නොලැබීම, යටිතල පහසුකම් වැඩි දියුණු නොවීම වගේ ප‍්‍රශ්න. ඒවා විසඳන්න  ඕන. වතුජනතාවට සේවයක් කරන්න මම මේ ඇමතිකම ගත්තා.
 
මම අවුරුදු තුනහමාරක් මේ ආණ්ඩුවේ හිටියා. කිසිම වැඩක් නොකර මම නිකම්ම කාලකන්ණි වුණා. පහුගිය ආණ්ඩුවේ තිබුනේ කතන්දර විතරයි. කරපු කිසිම වැඩක් නැහැ. වතුකම්කරුවන්ගේ ප‍්‍රශ්න ගැන මම පාර්ලිමේන්තුවේ කතාකළා. නමුත් වැඩක් වුනේ නැහැ. වතුකරයේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න මන්ත‍්‍රී කෙනෙක් විදයට ඉඳලා බැහැ. ඒ ප‍්‍රශ්න විසඳන්න ඇමතිකමක් තිබිය යුතුයි. ‘‘
 
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (8)

මුදලට පක්ෂ මාරු කළේ නෑ - වඩිවෙල් සුරේෂ්

sirimal Tuesday, 06 November 2018 01:39 PM

අපොයි කොහොමවත් වෙන්න බෑ.

:       984       1409

sandy123 Tuesday, 06 November 2018 02:10 PM

මම කොයි කනෙන් අහලා කොයි කනෙන් පිට කරන්නද?

:       513       611

ROHAN Tuesday, 06 November 2018 03:18 PM

අපි බලාගෙන ඉන්නවා

:       0       44

Pablo Tuesday, 06 November 2018 03:18 PM

එයාලා කියනවා අපි අහනවා ...

:       0       24

ERMI Tuesday, 06 November 2018 04:08 PM

ගහ දන්නා අපිට කොළ කඩාපානවා !!

:       0       78

Sumth Tuesday, 06 November 2018 05:00 PM

ඌවට එජාප කරපු දෙයක් නෑ. ගොවියෝ කම්කරුවෝ ගැන මොනාද කලේ

:       175       54

Sapumal. Wednesday, 07 November 2018 01:38 AM

මොකටද පසුවට කල් දාන්නේ? පුලුවන්නම් හැකි ඉක්මනින් ඒ අයට නඩු දමා ඔවුන් වැරදි බව රටට පෙන්වන්න. අනේ රටකට ගිය කල.

:       0       41

Perakum Wednesday, 07 November 2018 06:00 AM

මේ සියලු ගැටළු වලට ඇති ඉතාමත්ම යෝග්‍ය විසඳුම මහජන ඡන්දයෙන් පත්වන නියෝජිතයින්ට මුදලට/පගාවට පක්ෂය මාරු කිරීමේ හැකියාව ව්‍යවස්තානුකුලව ඉවත් කිරීමයි. අප යලිත් කලින් තිබු අන්දමට බ්‍රිතාන්‍ය ක්‍රමයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සකස් කර ගත යුතුය. මන්ත්‍රීවරයා දිස්ත්‍රික්කයට නොව තමා නියෝජනය කරන කොට්ඨාසයට සීමා විය යුතුය. පක්ෂය මාරුකළහොත් අසුන අහිමිවන ලෙසට ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුය. අතීතයේදී මේ ක්‍රමය අප රටේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. එමගින් නිවැරදි මහජන මතය පාර්ලිමේන්තුව තුල නියෝජනය විය. මෑතදී සිදුකල ව්‍යවස්ථා සංශෝධන නිසා අද විකාරරූපී පාර්ලිමේන්තුවක් බිහිවී ඇත. කලයුතු පිළියම කවුරුත් දනිති. එහෙත් කිසිම දේශපාලුවෙක් ඊට කැමති නැත. අපි මීට කුමක් කරමුද...? මේ ගැන විශාරදයින්ගේ අදහස් අගය කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 326 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site