IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුද්දර සඳහා පෞද්ගලික ඡායාරූප ඇතුළු කිරීමට අවස්ථාවක්

(ජයන්ත සමරකෝන්) 

තැපෑල සිය  ප්‍රවර්ධන වැඩසටහන් අතරට මුද්දර සඳහා සිය  පෞද්ගලික  ඡායාරූප ඇතුළත් කිරීමට අවස්ථාවක්  පාරිභෝගිකයින්ට ලබා දී ඇතැයි  එම දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව ඕනෑම  පුද්ගලයකුට සිය  රුව සහිත ඡායාරූපයක් රුපියල් 10.00,15.00  සහ 25.00 ක් වටිනා තැපැල් මුද්දරවලට ඇතුළත් කිරීමට අවසර දී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 
 
කොළඹ තැපැල් මූලස්ථානය ,මහනුවර, නුවරඑළිය  හා මීගමුව යන තැපැල් කාර්යාලවල  මේ සඳහා පහසුකම් සළසා ඇතැයි ද ඒ මහතා පැවසීය.

විශේෂ උපදේශක සභාවක් යටතේ  මෙරට පෞද්ගලික ඡායාරූප අධීක්ණණය කරන බව ද ඒ මහතා පැවසීය. 

රුපියල් 10.00 ක් වටිනා මුද්දර 20 ක්  මුද්‍රණය කිරීම සඳහා රුපියල් 1500.00 ක්, රුපියල් 15.00 ක් වටිනා  මුද්දර 20 ක් මුද්‍රණය සඳහා රුපියල් 2000 ක් ද , රුපියල් 20.00 ක් වටිනා මුද්දර 20 ක් මුද්‍රණය සඳහා  රුපියල් 2500 ක් ද අය කෙරේ.

මෙතෙක් මුද්දර සඳහා යොදාගනු ලැබූයේ  විශේෂිත පුද්ගලයින් මෙන්ම විශේෂිත ස්ථාන පමණකි. මෙම මුද්දර මුද්‍රණය කිරීම සඳහා සීමාවක් පනවා ඇතැයිද  දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 



අදහස් (6)

මුද්දර සඳහා පෞද්ගලික ඡායාරූප ඇතුළු කිරීමට අවස්ථාවක්

රවින් Sunday, 04 August 2019 11:07 AM

දේශපාලකයින්ට මොන සීමාද? තැපෑලට අබ සරණයි...

:       0       1

අනුර Sunday, 04 August 2019 12:29 PM

ජනාධිපතිවරණයක් අත ළඟ තියෙද්දී කරන ගොන්වැඩක්...

:       0       2

samira Sunday, 04 August 2019 01:27 PM

ඇත්තටම හරිම නව අදහසක්... මේක දැනට තැපෑලෙන් ඇත්වෙලා ඉන්න අය මේ සමග මේකත් එක්ක එකතු වෙයි.

:       2       29

Chathuri Sunday, 04 August 2019 03:04 PM

විපක්ෂ නායකයා දිවුරුම් දෙනකම් ඉන්න...

:       0       0

Bamunuarachchi Monday, 05 August 2019 01:54 AM

අනේ තැපැල් දෙපාර්තමේන්තුව ඒ තරමට බංකොලොත් වෙලාද?

:       0       0

anura Monday, 05 August 2019 08:07 AM

සාපිගේ මුහුණත් ළඟදීම මුද්දරයකින් පෙනුණොත් ඒක ගැන පුදුම වෙන්න එපා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site