IMG-LOGO

මත් විරෝධී වැඩසටහනේදී උප පොලිස් පරීක්ෂකට පිහි ප්‍රහාරයක්

පුෂ්පකුමාර මල්ලවආරච්චි
 
පලමුරේ කනිටු විදුහලේ දරුවන්ගේ මත් ද්‍රව්‍ය විරෝධි වැඩ සටහනකට සහභාගිවීමට ගිය වරකාපොළ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු  පිහි ඇණුමකට ලක්ව   තුවාල ලබා වරකාපොල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.

 
මෙසේ පිහි ඇනුමට ලක්ව ඇත්තේ මත් ද්‍රව්‍ය ආදිය සම්බන්ධයෙන් ජනතාව හා දරුවන් දැනුම්වත් කිරීමේ දේශකයකු වශයෙන් කටයුතු කරන උපාලි සමරසේකර නැමති උප පොලිස් පරීක්ෂකවරයෙකි. 
 
ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය වැලැක්වීමේ වැඩ සටහන යටතේ පලමුරේ විදුහලේ දරුවන්ගේ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශන වැඩ සටහනක් අද  පැවැත්වීමට සංවිධානය කර තිබී ඇත. ඒ අනුව මෙම පාසල් දරු පිරිස මේ සදහා වරකාපොළ අගුරුවැල්ල මාර්ගයේ නියදුරුපොල රබර් කර්මාන්ත ශාලාව අසලට පැමිණ ඇති අවස්ථාවේ මෙම උප පොලිස් පරීක්ෂකවරයාද ඒ සදහා දායකවීම පිනිස ඒ ස්ථානයට ගොස් ඇති බව පොලිසිය කියයි.
 
පාසල් දරුවන්ගේ මත් ද්‍රව්‍ය වලට විරෝධතාවය දැක්වූ මෙම ස්ථානයට ඒ ආසන්නයේ කසිප්පු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයකු යැයි සැක කරන්නකු කඩා වැදී උප පොලිස් පරීක්ෂකවරයාට   පිහියෙන් ඇන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි



අදහස් (3)

මත් විරෝධී වැඩසටහනේදී උප පොලිස් පරීක්ෂකට පිහි ප්‍රහාරයක්

sujeewa Friday, 22 February 2019 04:53 AM

මේ රටේ දුෂ්ටකම හා මැරකම කොච්චර ඉහවහ ගිහිල්ලද කියල මේ ක්‍රියාවෙන් ඉතාම පැහැදිලියි.

:       0       16

saliya Friday, 22 February 2019 05:46 AM

අවංක පොලිස් නිලදරුවනි! රට භාරදිය හැක්කේ ඔබලා වැනි අවංක එඩිතර නිලදරුවන්ටයි, ඔබට ලැබුන නියම නායකත්වයෙන් මේ ජාවාරම්කාරයන්ගෙන් රට බේරගන්න ඔබට ඔබගේ මවට පියාට ඒ පින ඇති නිවන් දකින්න. ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.

:       0       11

shan saudi Friday, 22 February 2019 07:38 AM

රාජකාරියේ යෙදෙන සියලු ආරක්ෂක නිලදරීන්ට තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ආයුධ සන්නදව රාජකාරිය බාධ කරවීමට එන හා තමනට ජීවිත හානියක් කරීමට එන අයෙක් උවහොත් ඒ වෙනුවෙන් අවම නීතියානු කුල ගිනි අවි භාවිතා කිරීමට පුර්ණ බලය රජය ලබා දිය යුතුයි නිලදාරියෙක් උවද ඔවුන් සාමාන්‍ය සිවිල් පුරවැසියන් නිසාවෙන් ඔවුන්ගේ ජීවිත් ආරක්ෂාව ලබා දීම ඔවුන් සේවය යොදවන ලද රජය ප්‍රමුඛ ජනපති වරයාගේ පරම උතුකමකි. මන්ද ඔවුන් කරන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමකි. ඔවුන්ට යමක් උවහොත් අසරණ වන්නේ රටේ අහිංසක දරු පවුලකි. එවිට ඒ අඩුව පිරවීමට කිසිවෙකුට නොහැකිවන්නේය

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 322 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site