(සුජිත් හේවාජුලිගේ)
‘‘රටේ ඇතිවුණු මේ වෙනස පිළිගන්නවා.මෙය මාතෘ භූමියේ වාසනාවට සිදුවුණු සිද්ධියක්‘‘ යැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය.
වසන්ත සේනානායක මහතා මෙසේද කීය.
‘‘මගේ මුතුන් මිත්තන් හැදූ එක්සත් ජාතික පක්ෂය ලැජ්ජා නැති ආත්මාර්ථකාමි මිනිසෙකු විසින් විනාශ කළා. ඇතිවුණු වෙනසත් සමඟ මට ලොකු සැනසිල්ලක් දැනෙනවා.මේ අවස්ථාවේදී මාගේ සහය අගමැතිතුමාට දෙනවා.වෙනස ඇති කළ ජනාධිපතිතුමාට සුබ පතනවා.‘‘ යැයි සේනානායක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
ඇමැතිකමට තිබෙන කෑදරකම...
ඉතාමත් හොඳ පියවරක්...!! ඔබේ ප්‍රතිචාරය අද්විතීයයි..
මෙයා එජාපයේ හිටියේ කැමැත්තෙන් නොවේ කියලා නොදන්නේ කවුද? තව එක්කෙනෙක් සහ රතන ස්වාමීන් වහන්සේත් ඒ පැත්තට යන බවයි කියන්නේ...
කස පුපුරන හඬ ලඟම ඇසෙන විට දැනෙන්නේ පෙරහැර ලගම එන බවකි. එන අය ගත්තාට වරදක් නැත. නමුත් අගමැතිතුමනි, 2005-2014 විලස නොකරන්න.. වරද්ද ගන්න එපා පසු ගිය විලසින්... නැතිනම් ඔබට හිතවත් අාදරය කරන අයම පෙර ලෙසින් ඔබ පැරදවීමට ඡන්දය දෙනු ඇති...
සහතික ඇත්ත. දැන් අපිට නිදහසේ මැරෙන්න පුළුවන්...
මෛත්‍රිපාල නම් මාරයි. හැබැයි කඩෙන් බඩු ගන්නවා වගේ අගමැතිවරුන් අයින් කරන එක හොඳ වැඩක් නොවේ. අවුරුදු 20ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මෛත්‍රී උන්නැහේ කොහොමද එජාපය විශ්වාස කරන්නේ? මේ වෙලාවේ හැටියට රට ගැන හිතන්න තිබුණේ... මෝඩ තීරණයක්... තව වසරකින් මැතිවරණයක් එන නිසා...
ඔයා දැන් ආපහු මහින්ද රාජපක්ෂ ගාවට යනවද?
මගේ වාසනාවට මට ලංකාවෙන් පිට පදිංචි වෙන්න පුළුවන් වුණා...
අනේ නිකන් යන්න.
නියම ද්‍රෝහියෙක්... තම මුතුන් මිත්තන් පාවාදෙන්නෙක්..
"එන එන හැටියට ගස උලුඅස්සා!"
මේ අය මැරිලා ඉපදිච්ච අය... කටින්ද කතා කරන්නේ?
ඔබ අසාධාරණයට එරෙහිව පෙනී සිටින දේශපාලකයෙක්... නමුත් ජනාධිපති මේ ගත්තු වැරදි තීන්දුව ඔබ අනුමත කරන එකත්, මහින්දට ඔබ සහයෝග දෙන බව ඔබගේ අදහසත් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. එක දූෂිතයෙක් අයින් කරළ, තවත් දුෂිතයක් පත් කරන එක සාධාරණද?
අනිත් පැත්තෙන් හිනායනවා!
වසන්ත මහත්තයෝ. ඔබ ඇයි ජනතාව රැවැට්ටුවේ? පාවාදුන්නා නේද?
මේ අය එලවන්න්න තිබුණේ ගේඩක් ඉස්සර
මෙයා නියම අවස්ථාවාදියෙක්... රාජ්‍ය ඇමතිකමටවත් සුදුසු කෙනෙක් නොවෙයි.
ඔබට නියම නායකයෙකු වීමට අවශ්‍ය නම් දැන් පක්ෂය බේරා ගතයුතුයි. බොර දියේ මාළු බාන්නෙ නැතුව. ඔබතුමා DS පරපුරට, UNP එකට නිග්‍රහයක්. මෙවන් අය පත්කිරීමේ වරදට අපිද වගකිව යුතුයි.
වසන්ත මහත්තයා මේක කොහෙදිද කියලා තියෙන්නේ.
ලැජ්ජා නැති ආත්මාර්ථකාමී මිනිසෙකු විසින් විනාශ කරන එ.ජා.පක්ෂය ලැජ්ජා නැති සේනානායක මුනුපුරෙකු විසින්ද විනාශ කරන ලදි. සේනානායක පරපුරකට පොහොට්ටුවෙන් අගමැති තනනතුරක් හෝ ජනාධිපති අපේක්ෂකත්වයක් ලබා දෙන්නේ යයි සිතීම සිහිනයක් පමණි. රනිල්ගෙත් මහින්දගෙත් ආත්මාර්ථකාමී කමේ වෙනසක්ද අපි නොදකිමු.
ඔය කියන ලජ්ජා නැති ආත්මාර්ථකාමියා මිනිහෙක් මිසක් පක්ෂය නොවෙයිනේ. මිනිහෙක් වෙනුවෙන් පක්ෂය දාලා යනවා නම් පක්ෂය ගැන නොවේ කැක්කුම තිබීලා තියෙන්නේ තමුන්ගේ බඩ ගැනයි. මුතුන් මිත්තන්ගේ පක්ෂේත් ආත්මාර්ථකාමියෙක්ද? කිතුලට ගිය මිනිහත් ඔය වගේ කතාවක් කිව්වලු. දැන් ලැජ්ජා වෙන්න ඕනි ඡන්දෙ දවසේ පෝලිමේ ගිහින් ඡන්දෙ දුන්නු ඡන්දදායකයි. තව ලජ්ජා නැතිව කරුණු කියන්නත් එනවා නේ? .