IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මුතු පන්තිය ධීවර ගම්මානය බේරගන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සටනක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි  මුතු පන්තිය ධීවර ගම්මානයේ  වෙරළ දරුණු ලෙස ඛාදනයට ලක්වීම හේතුවෙන් එය බේරා ගැනීමට ගල් දැමීම මේ වනවිට සිදුවන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා පැවසීය.

වසර කිපයක සිට දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්ව වෙමින් පවතින මෙම ගම්මානය මේ වන විට පවතින කාලගුණ තත්වය හේතුවෙන් දරුණු අයුරින් වෙරළ තීරය ඛාදනයට ලක්වෙමින් තිබේ.

මේ වන විට මුතුපන්තියේ සිට උඩප්පුව දක්වා වූ වෙරළ තීරයේ මාර්ගය සම්පුර්ණයෙන් ඛාදනයට ලක්ව විනාශ වී ඇත.

වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා මෙසේ පැවැසීය.

“ මේ දිනවල පවතින කාලගුණික තත්වය සලකා බලලා,  හදිසි අව්‍යතාවයක් ලෙස සලකලායි කඩිනමින් ගල් දැමීම සිදු කරන්නේ. එසේ නොකළොත් මුතුපන්තියේ දැවැන්ත විනාශයක් සිදුවන්න ඉඩ තිබෙනවා. මෙම කටයුත්තට මේ වෙද්දි ලක්ෂ 75 ක් වෙන් කරලා තිබෙනවා. මීටර් 100 ක පමණ දුරක් කළුගල් දමන්න අපි විශාල උත්සහයක නිරත වෙමින් සිටිනවා‘‘ යැයි ඔහු පැවසීය.

 



අදහස් (3)

මුතු පන්තිය ධීවර ගම්මානය බේරගන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සටනක

rama Saturday, 04 May 2019 09:04 AM

දැනටත් පරක්කු වැඩියි. ඉක්මණට දාලා අපේ රට බේරගන්න.

:       0       23

chaminda Sunday, 05 May 2019 09:34 AM

පොර්ට් සිටි හදන්න මුහුදු වැලි හාරපු නිසා , රට පුරාම මුහුදු ඛාදනය වැඩි වුණ , අනාගතේ අපිට වෙරළේ රැල්ල නෙවෙයි ගල් පෑගුවහැකි , පොර්ට් සිටි නිසා රටට වුණ පාඩු කොච්චර තියනවද , අනාගතේ කොළඹ වරාය පුළුල් කරන්න වුනොත් චිනගේ ඔලුව උඩ තම හදන්න වෙන්නේ , කළුගල්, වැලි, පස් වගේ රටේ සම්පත් කොච්චර නාස්ති වුනාද ?

:       1       61

Ishani Jayarathna Monday, 06 May 2019 03:59 AM

මම හිතන්නේ ලංකාදීප පුවත්පත තමයි ලංකාවේ ඇති හොඳම පුවත්පත... රටේ ලෝකයේ සිදුවන වැදගත් දේවල් ගැන අපිට දැනුම් දෙනවා. ස්තුතියි ලංකාදීප...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 199 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 400 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site