IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ විනය ආරක්ෂා කරන්න නව නීති පද්ධතියක්

(අංජුල මහීක වීරරත්න)

පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.

පසුගිය දින 52 තුළ පාර්ලිමේන්තුවේ ඇති වූ අවාසනාවන්ත සිද්ධි පිලිබඳව  අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මතුවන එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම පිණිස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත තීරණයට එළැඹ ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවැසීය.

විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ විනය රැකීමට ගත යුතු නීති ප‍්‍රතිපාදන රජයේ අනුමැතිය සහිත යෝජනාවක් ලෙස ගෙන ඒමටද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ විනය රැකීමට ගත යුතු උපරිම ක‍්‍රියාමාර්ග පිලිබඳව  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් සමඟද පෞද්ගලිකව සාකච්ඡා කර ඇත.

බි‍්‍රතානය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය සහිත රටවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විනය ආරක්ෂා කිරීමට නීතියෙන් ගෙන ඇති පියවර ගැන අධ්‍යයනය කොට වාර්තාවක් දෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් ලබා දී ඇති අතර රටට ආදර්ශයක් වන ලෙස පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමත් ඒ වෙනුවෙන් ගත යුතු පියවර පිලිබඳවත් අග‍්‍රාමාත්‍යවරයා ඉදිරි දිනක පාර්ලිමේන්තුවේදි විශේෂ ප‍්‍රකාශයනක් කිරීමට නියමිතව ඇතැයි අග‍්‍රාමාතය කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු ලංකාදිපයට පැවැසීය.



අදහස් (0)

මැතිසබේ විනය ආරක්ෂා කරන්න නව නීති පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 257 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 602 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site