IMG-LOGO

මැතිසබයේ ’’IOස’’ පෝස්ටරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත  පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය  කරනු දැකගත හැකිවිය.

පෝස්ටරයේ එම ලාංඡනයේ  "I.O.ස" යනුවෙන් සටහන්ව තිබිණ.

එම ලාංඡනය සහිත පෝස්ටරය මුලින්ම ප්‍රදර්ශනය කළේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර  ජයමහ මහතාය.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු කතා කරන අවස්ථාවේදී ඔහුට සභාවේ කැමරාව යොමුවන විට   එම කැමරාවට හසුවන සේ   ඒ පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්  කටයුතු කරනු දැකගත හැකිවිය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඊට  කිසිදු බාධාවක් එල්ලවූයේ නැත.



අදහස් (4)

මැතිසබයේ ’’IOස’’ පෝස්ටරයක්

sharm waarn Friday, 11 March 2022 01:27 PM

අද කොහේ කටවල් අරින්නද? රෑ 12ට අහස් කූරු පත්තු කළේ නෑ. කුට්ටියා උන්නා නම් ඒකටත් උත්තරයක් කියයි.... තප්පුලනවා වගේ උඩ පැන පැන..

:       123       20

මහසෙන් Friday, 11 March 2022 02:16 PM

මේ ගොන් ජෝක් තමයි කරන්න ඕනෑ. එතකොට රට්ටුන්ට සහනයක් ලැබෙනවානේ. ආණ්ඩු පට්ටිය හානවා. මේ පට්ටිය දක්කනවා. හරිම ජනතාවාදී විපක්ෂ. මේ ඔක්කොම කරන්නේ රට්ටුන්ගේ ප්‍රශ්න බයිට් කරන එක...

:       19       95

nimalka Friday, 11 March 2022 02:43 PM

පහත් මානසිකත්වයකින් විරෝධය දැක්වීමක් මේක... වෘත්තීය මට්ටමේ විරෝධතාවයන් අවශ්‍ය වෙලාවක් මේක... එජාපයෙන් හෝ ඉන් බිඳුණු කණ්ඩායමකින් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...

:       16       60

Lalith M Friday, 11 March 2022 04:37 PM

මොන මට්ටමක හෝ විරෝධතාවක් තිබිය යුතුයි. නැතහොත් පුපුරන අන්දම භයානකයි. මේ විදිය හොඳයි. ඒත් මදි...

:       4       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site