(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ (අහඹු) පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අනුව සේවකයන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට යන අවස්ථාවන්හිදී වැඩි වශයෙන් පරීක්ෂාවන්ට භාජන කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍ය ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම පරීක්ෂා කිරීම් ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට ගෙන එන ආහාරවලින් රුපියල් කෝටි දෙකකට ආසන්න ආහාර ප්‍රමාණයක් නාස්තිය සහ දූෂණය නිසා අහිමි වන බව විගණන විමර්ශනවලදී පසුගියදා තොරතුරු හෙළි විය.
නාස්තිය සහ දූෂණය වැලැක්වුවහොත් පාර්ලිමේන්තු ආහාරපාන සැපයුම මීට වඩා විධිමත් මට්ටමට ගෙන ආ හැකි බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මැතිසබයේ කෑම පිල්ලි යාම වැලැක්වීමට අලුත් වැටක්
තිලක් Friday, 07 January 2022 12:41 PM
උත්තරීතර මහජන සේවකයින් කන කෑමේ හැටියට ඕකේ ඉන්න අහිංසකයෙක් පොඩ්ඩක් හොරාකෑවම මොකද?
දිමුත්Friday, 07 January 2022 01:56 PM
ඇයි මේ සේවකයන්ගේ ඒවා විතරක් දාන්නෙ. 225 ගේ ඒවත් දාන්නකෝ.
ජයරත්න Friday, 07 January 2022 12:49 PM
ලැජ්ජාවේ බෑ..
kamal Friday, 07 January 2022 01:20 PM
යහපත් වැඩක්
Hafeel Friday, 07 January 2022 01:20 PM
ඔන්න ආණ්ඩුව බිම් මට්ටමින් දුෂණ වංචා නවත්තන පටන්ගත්තා. අලි රිංගන්න එක නොවේ කතාව. පූස් පැටව් රිංගන එක තමයි ලොකු කතන්දර
hashan Friday, 07 January 2022 01:25 PM
යහපත් වැඩක්
weerasekara Friday, 07 January 2022 01:30 PM
බොරු ෂෝ පමණි
Kamal Friday, 07 January 2022 01:42 PM
මහ කකුලුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා ඒ කිවුවෙ මහ කකුලුවො කෙලින් අතට ගමන් කරනවා නෑ නෑ පොඩි එවුන්ට යන්න කියනවා කොහොම උනත් පහු වෙනකොට පොඩි එවුන්ට පුලුවන් වෙනවා මොන පිස්සුද........උන් ඔක්කොම හරහට යනවා..
ravin Friday, 07 January 2022 02:22 PM
අනේ මන්දා... පැරැණි කියමනක් තියෙනවා පහත් තැනින්ලු වතුර ගලන්නේ කියලා...
Rexi Friday, 07 January 2022 02:38 PM
අපවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ .ඔකේ හැමදාම කතා කරන්නේ හොරකම,මැරකම ,දුෂණය නාස්තිය ගැන නේ .ඉතින් අහගෙන ඉන්න අය ඒවාට පුරුදු වෙනවා.අරයා හොරා මෙයා හොරා කිව්වාට කාවවත් හිරේ දාලා නැහැ නේ.ඉතින් 225 බලාගන්න කට්ටියත් දනනවා ඕවාට හම්බ වෙනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගත්තා වගේ කියලා
BamunuarachchiFriday, 07 January 2022 05:22 PM
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මෙන්න බොලේ අලුත් ආප්තෝපදේශයක්... මේක මොන කරණයද? මුසල්මානුකරණය නම් නොවෙයි.
BamunuarachchiSaturday, 08 January 2022 08:20 AM
හලෝ අර හාදයා ලියලා තිබෙන්නේ අපවාදයට වඩා ආදර්ශය උතුම් කියලා...
Bamunuarachchi Friday, 07 January 2022 05:19 PM
ජෙප්පෝ ෂුවර්ද? චෙක්කළොත් නරකද? පඩිය පක්ෂෙට දුන්නාම කොහෙන් කන්නද?
ගමේ එකාලා Friday, 07 January 2022 08:03 PM
දූෂිත... දේශපාලුවන් බලයට පත්කරලා එවපු ජනතාව අද කන්න නැතුව දුක් විඳිනවා. ජනතාව ගසාකෑවා මදිවාට තව සුපිරියටම කෑමත් ලැබෙනවා...
BamunuarachchiSaturday, 08 January 2022 10:54 AM
මෙයා ඉපදීලා තිබෙන්නේ ගිය සුමානේද කොහෙද? දුෂිත නැති දේශපාලුවෝ 1977න් පසුව මේ රටේ හිටියද? බැංකුව මංකොල්ල කාලා සල්ලි බෙදාගත්ත දේශපාලුවන් නේද 2015-2020 දක්වා රට කෙරුවේ..?. ඔවුන් නිසා නේද වීදේශිකයන් ඔවුන්ගේ තැන්පතු බැංකුවලින් ආපසු අරගෙන රට මේ තත්වයට වැටුණේ? තව මොනවද කථා ගමයෝ?