IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණය පැවැත්විය හැකි දිනගැන මැතිවරණ කොමිසම ජනපතිට දැනුම්දෙයි

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුව ලබන මාසයේ 2 වැනිදා විසුරුවා හරින්නේ නම් ඡන්ද විමසීම අප්‍රේල් 25ත් 28ත් අතර දිනයක  පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
 
මැතිවරණ කොමිෂන් සභාව මෙම දැනුම්දීම කර ඇත්තේ, පාර්ලිමේන්තුව ලබන මාසයේ 1 වැනිදායින් පසුව විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්විය හැකි දින වකවානු පිළිබඳව විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් යවන ලද ලිපියට පිළිතුරු වශයෙනි.
 
පාර්ලිමේන්තුව මාර්තු 2 වැනිදා විසුරුවා හරින්නේ නම්, නාම යෝජනා කැඳවීම මාර්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලසීමාව තුළ කළයුතු යැයිද මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
 
ජනාධිපතිවරයා විසින් නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන්නේ නම් නාමයෝජනා කැඳවන දිනය,  මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව පළමුවරට රැස්වන දිනය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයේ සඳහන් කළ යුතු වේ.
 
ඒ අනුව, අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වනු ඇතැයිද වාර්තා වේ.
 
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මාර්තු 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා ද ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබිණි.



අදහස් (0)

මැතිවරණය පැවැත්විය හැකි දිනගැන මැතිවරණ කොමිසම ජනපතිට දැනුම්දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site