(ඉන්දික අරුණ කුමාර)
මාතලේ දිස්ත්‍රික්කයේ ස්වභාවික වනාන්තරවල පිහිටි කළුවර, නුග,බුරුත, දිවි කදුරු, බිං කොහොඹ, බක් මී ඇතුළු වටිනා පැළෑටි ගලවා විවිධ ඉදිකිරීම් ආයතනවලට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පරිසර හිතකාමීහු කියාසිටිති.
ජාවාරම්කරුවන් සූක්ෂමව මෙම පැළ ගලවා තැරැව්කරුවන්ට අලෙවි කරන බව ඔවුහු පවසති.
මාතලේ වසර දහස් ගණනක් පැරණි සොභා රක්ෂිත රැසක් පවතින අතර විවිධ පැළෑටි වර්ග ද අතිවිශාල ප්‍රමාණයක් පවතියි. ඉදිකිරීම් සමාගම් මෙම පැළෑටි උද්‍යාන අලංකරණය, සංචාර හෝටල් භූමි අලංකරණය ආදි කටයුතු සඳහා මෙම පැළැටි භාවිත කරයි.
ඇතැම්හු මෙම පැළෑටි විවිධ ආකාරයට සකසා ප්‍රසිද්ධියේ අලෙවිකරන බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතු බවත් ඔවුහු අවධාරණය කරති.
මාතලේ දිස්ත්‍රික්කයේ පහසුවෙන් ළඟාවිය නොහැකි වන රක්ෂිත ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම වටිනා ශාක ජාවාරම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව පරිසර හිතකාමීහු අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවර ගන්නා බවයි.

COMMENTS
ජාතික අපරාධ!
මේ වගේ තමන්ගේ මව්රට විකුණන් කන අසත්පුරුෂයන්ට විරුද්ධව ඉතාමත් ඇල්මැරුණු ලිහිල් නීතියක් ක්‍රියාත්මක වීම අතිශයින්ම ශෝචනීය කරුණකි.
ඔන්න අවස්ථාව අපේ නවතම මුල් පුරවැසියාට මෙම ජාතික හොරුන්ට තමන්ගේ ඒ ආදරණිය අම්මගෙන් බිවු මව්කිරි මතක්වෙන්න දුන්නාට කිසිදු පවක් නැත. මේ අයට අපගේ මව්බිමේ ජීවත්වීමට කිසිදු අයිතියක් නොමැත.
ඉහත ඉතා හොඳ ප්‍රතිචාර 3ටම අන්ලයික් කරලා තියෙන්නේ මේ ජාවාරමට සම්බන්ධ අය වෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම...
රාජ්‍ය දැව සංස්ථාවක් සහ කෘෂිකර්මාන්ත දෙපාර්තුමෙන්තුවක් තියෙනවා නේද ඇයි මේ පැල තවාන් දාලා හදලා විකුනන්න බැරි? චීනෙන් ණයට අරන් බාල් නටන එක ඊට වඩා ලේසි නිසාද?