IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


මාතරිනුත් නාමයෝජනා 4 ක් ප්‍රතික්ෂේප වෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මෙවර මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා ඉදිරිපත් කළ පිළිගත් දේශපාලන පක්ෂ තුනක හා ස්වාධීන කණ්ඩායමක නාම යෝජනාපත්‍ර ප්‍රතික්ෂේප වූ බව මාතර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී හා දිසාපති ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.

ජනසෙත පෙරමුණ,ජාතික කොංග්‍රසය,ශ්‍රීලංකාවේ සමාජවාදී පක්ෂය හා ගාමිණි පතිනායක මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා එසේ ප්‍රතික්ෂේප වී තිබේ.

නාමයෝජනා පත්‍රවල අඩු පාඩු හා නිසි බලධාරියා විසින් බාර නොදීමෙන් කරුණු මත එම නාම යෝජනාපත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා බාර දුන් පිළිගත් දේශපාලන පක්ෂ 13ක සහ ස්වාධීන කණ්ඩායම් 7ක නාම යෝජනා පිළිගෙන තිබේ.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ,ජාතික ජන බලවේගය,එක්සත් ජාතික පක්ෂය,සමගි ජන බලවේගය,ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ,ලිබරල් පක්ෂය,මව්බිම ජනතා පක්ෂය,පෙරටුගාමීසමාජවාදී පක්ෂය,අපේ ජන බල පක්ෂය,එක්සත් වාමාංශික පෙරමුණ,ජාතික ජනතා පක්ෂය,ජාතික සංවර්ධනපෙරමුණ,සිංහලදීප ජාතික පෙරමුණ ආදී පක්ෂ වල නාම යෝජනා පිලි ගෙන ඇත.

ජිනප්‍රියපතිරණගේසීමන් මේරූ,තිලිණ ප්‍රසාද්, රසික විජේසිංහ, රාජපක්ෂ ගුණරත්න,උදය කීර්ති විජයවංශ,ඉරෝෂන්ප්‍රීතිකුමාරහා දිලක්ෂිකුමාරි යන මහත්ම මහත්මීන්ගේ නායකත්වයෙන් යුත් ස්වාධීනකණ්ඩායම් වල නාම යෝජනා පත්‍රද පිලි ගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයට තරග කිරීම සදහා පිලිගත් දේශපාලන පක්ෂ 16 ක් හා ස්වාධීන කණ්ඩායම් 8 ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.



අදහස් (2)

මාතරිනුත් නාමයෝජනා 4 ක් ප්‍රතික්ෂේප වෙයි

Bamunuarachchi Thursday, 19 March 2020 12:25 PM

යහපාලකයෝ කඩා වට්ටපු රට හදන්න යන්නේ තමන්ගේ නාම යෝජනා පත්‍රය හරියට හදාගන්න බැරුවද?

:       0       0

banda Thursday, 19 March 2020 02:59 PM

මාතර ඡන්දෙ ප්‍රතිපලය පොහොට්ටුව ආසන 4 ටෙලිපෝනය අසන 2 යි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කැනඩා ගුවන් යානයක් උඩු යටිකුරු වෙයි
2025 පෙබරවාරි මස 18 103 0

කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි මගී ගුවන් යානයක් හිම කුණාටුවට මැදිවීමෙන් අනතුරට ලක්විය.


රුසියාවට ඇමෙරිකාවට යුක්රේනය ගැන තීරණ ගන්න බෑ
2025 පෙබරවාරි මස 18 91 0

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි අරාබියේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිතය.


කටාර් එමීර් දෙදින සංචාරයකට ඉන්දියාවට
2025 පෙබරවාරි මස 18 22 0

දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.


පාප්තුමන්ගේ රෝගී තත්ත්වය නරක අතට
2025 පෙබරවාරි මස 18 68 0

පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


ගිනි අවි කම්හලක් වටලයි
2025 පෙබරවාරි මස 17 381 0

නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි.


රට පැන්න කොස්තාපල්ගේ ගිනි අවිය සොයාගනියි
2025 පෙබරවාරි මස 17 1713 0

ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා විසින් රැගෙන ගිය ටී 56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 30 සමග සැකකරුවකු අද (17) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 310 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 147 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 988 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site