IMG-LOGO

මෛත්‍රීගේ පුත්‍රයාට පහර දුන් පොලිසියේ සිවු දෙනෙකුගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හිටපු ආණ්ඩුකාර  මෛත්‍රී ගුණරත්නගේ පුතා වන  නීති ශිෂ්‍ය  මිගාර ගුණරත්න යන අයට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ  සහ කොස්තාපල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
ඉකුත් 23 වැනි දින කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ  කාන්තාවක් බැලීමට පැමිණි අවස්ථාවේදී පහරදීම සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 
 
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික් මහතාගේ විශේෂ නියෝගයක් මත පොලිස් විශේෂ විමර්ශන එකේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එස් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායමක් ද කැලණිය කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයකු වන සුමිත් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තවත් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (3)

මෛත්‍රීගේ පුත්‍රයාට පහර දුන් පොලිසියේ සිවු දෙනෙකුගේ වැඩ තහනම්

mihira Friday, 26 February 2021 11:49 AM

ගුටිකාපු කෙනා සාමාන්‍ය කෙනෙක් නම් අස්කරයිද?

:       0       0

Ras Friday, 26 February 2021 12:29 PM

පොලිසියේ අය මොන වරද කළත් කවදාවත් දඬුවම් දෙන්නේ නැහැ. බොරුවට එහෙට මෙහෙට මාරු කරලා සිද්ධිය යට ගහනවා...

:       0       0

Perera Friday, 26 February 2021 06:44 PM

ඕක සාමාන්‍ය නීති ශිෂ්‍යයෙකුට හරි, ගමේ සෝමපාලට හරි වුණා නම් ඔය නීති ඔය වගේම ක්‍රියාවට නංවයිද? එක රටේ එක නීතියයි. නිකන් බොරු සීනිබෝල කතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 31 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2165 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site