(රේඛා තරංගනී ෆොන්සේකා)
බන්ධනාගාර ගතව සිටින ‘දෙමටගොඩ කට් රොෂාන්ගේ’ ගෝලයෙකුද, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු බව කියන සැකකාරියක වන අරුණෝදය මාවතේ ආරි සහ අයිස්, හෙරෝයින්,ගංජා ළඟ තබාගත් සැකකාරයන් සහ වරෙන්තුකරුවන් 7 දෙනෙක් ඇතුළු 22දෙකක් මත්ද්‍රව්‍යද සමග අද (22)ඔබේසේකරපුර දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
වැලිකඩ පොලිස් බල ප්‍රදේශය පුරා අපරාධ දූෂණ මර්දනය කිරීමේ අරමුණින් පුරා පැය පහක වැනි කාලයක් තුළ පොලිස් කණ්ඩායමක් යොදා ගනිමින් සිදුකළ හදිසි වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරයන් අතර අයිස් ළඟ තබාගත් සැකකරුවන් 5 දෙනෙකු, හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියක ද හෙරොයින් පානයට ඇබ්බැහි වූ සැකකරුවන් 5 දෙනෙකු ද ගංජා ළඟ තබා ගත් සැකකරුවන් 3 දෙනෙකු ද වරෙන්තුකරුවන් 7 දෙනෙක්ද වන බව පොලිසිය පවසයි.
දෙමටගොඩ කට් රොෂාන්ගේ ගෝලයා යැයි කියන අය සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 2.8 ක් ද අත්අඩංගුවට ගත් අය අතර සිටින සැකකාරිය වන අරුණෝදය මාවතේ ආරි යන අය සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් (2120) ක් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23,22,47,42 යන වයස් කාණ්ඩවල පසුවන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සහ ජාවාරම් සිදුකරන පුද්ගලයන් බවද පොලිසිය පවසයි.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් දෙදෙනා අලුත් කඩේ අංක 4 දරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට