IMG-LOGO

මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන්ට උපරිම ආරක්ෂාව

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට  උපරිම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද  (10) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඒ මහතා වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.

මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරීන්ට සාමාන්‍ය  තර්ජන පවතින  නමුත් ජීවිත තර්ජන නැති බවත් ඔවුනට  දැනටමත්  ආරක්ෂාව ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


මත්ද්‍රව්‍ය වැටලීම් විශාල වශයෙන් කරන බව පැවසූ වීරසේකර මහතා  මත්ද්‍රව්‍ය වෙළඳපොළේ හිඟ වී ඇත්තේ මේ නිසා බවද සඳහන් කළේය.

මේ නිසා මත්ද්‍රව්‍යවල මිල දස ගුණයකින් වැඩි වී ඇතැයිද  ඔහු පැවසුවේය.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා  නාවික හමුදාව සීරුවෙන් තබා සිටින බවත්  නෞකා සහ ගුවන් මගින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මකවී සිටින බවත්   පැවසුවේය

 

 



අදහස් (1)

මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන්ට උපරිම ආරක්ෂාව

de silva Wednesday, 10 November 2021 08:32 PM

එහෙම ජීවිත තර්ජනයක් නෑ... මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ ඔය නිලධාරියෝ ඔක්කොම යාලුවෝ මල්ලි.. අර මාධ්‍යවලට ඇවිත් විමල්, ගම්මන්පිල, වාසු කරනවා වගේ ඔය නිලධාරීන් කරන්නෙත් බොරු රඟපෑමක් මල්ලි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site