IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


මත්ද්‍රව්‍ය අවි ආයුධ සමඟ අයෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් අවි ආයුධ කිහිපයක් සමඟ පුද්ගලයකු අද (10) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.

මාලිගාවත්ත පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව මාලිගාවත්ත මැල්වත්ත පාලම අසල සිට ඇපල්වත්ත දෙසට මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව කියයි.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 18 ක්, ගංජා ග්‍රෑම් 10 ක්, හෙරොයින් ග්‍රෑම් 02, පොලිස් භාරයට ගත් බව පැවසේ.

පසුව සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ නිවසේ තිබී  රිවෝල්වරයක්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ හතරක්, රම්බෝ පිහි දෙකක්, හෙරොයින් පැකට් කරන පොලිතීන් පැකට් 1095 සොයාගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.

තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වූ බව ද පැවසේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

මත්ද්‍රව්‍ය අවි ආයුධ සමඟ අයෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට

SL Wednesday, 10 March 2021 03:12 PM

මේ අයව ඉක්මනට එල්ලන්න. රටේ දරුවන් ලක්ෂ ගාණක් මේ නිසා නොමැරී මැරෙනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 921 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site