IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මත්තල ගැටලුව නිරාකරණය කර ගැනීම ප්‍රවාහන ඇමැතිට පවරයි

(අජන්ත කුමාර අගලකඩ)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිගුකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවැරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව නිරාකරණය කර  ගැනීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට කැබිනට් මණ්ඩලය විසින් පවරනු ලැබ ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇමෙරිකානු ඩොලර් බිලියන 235කට බදුදීමට රජයේ තක්සේරු කර ඇති අතර ඉන් සියයට 60ක පමණ මුදලක්ගෙවා බදු පදනම යටතේ ලබා ගැනීමට ඉන්දීය රජය කැමැත්ත  පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් දෛනික මෙහෙයුම් කටයුතු වලදී සිදුවන පාඩුව බෙදා ගැනීමට ඉන්දීය රජය අකමැත්ත පළකර ඇති බැවින් මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට පැවැරීම ඇණහිට ඇතැයි වාර්තාවේ.

මෙම ගැටලු ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම ඇමැති නිමල් සිරිපාල ද සිල්වා  මහතාට පවරා ඇතැයි රජය ආරංචි මාර්ග කියයි.



අදහස් (6)

මත්තල ගැටලුව නිරාකරණය කර ගැනීම ප්‍රවාහන ඇමැතිට පවරයි

lalith Wednesday, 24 October 2018 05:40 PM

දැන් ලංකාව ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට බඩු පිටරටට විකුනන්න යනවා කියන්නේ එයින් බොහොමයක් බදු ගුවනින් යවනවා කියන එකනේ. ඉතින් මේ සඳහා ගබඩා පහසුකම් ආදිය පවත්වාගෙන යන්න වෙන්නේ මත්තල. මොකද කටුනායක අවට ඉඩ පහසුකම් මදිනේ. අනික එම භාණ්ඩ එකලස් කරනවානම් කරන්න වෙන්නෙත් මත්තල අවට. එකෙන් ලැබෙන ආදායමත් අපට අහිමි කරලා එකෙන් කුට්ටියක් ඉන්දියාවට ගෙනියන්නයි ඔය ගුවන් තොටුපොල අරගන්න හදන්නේ. රට විකුණා පණ ගැටගහගන්න දඟලන දේශපාලකයන්ට රටට හෙන ගැහැව්වත් පෙනෙන්නේ නැහැ.

:       0       0

ratne Wednesday, 24 October 2018 06:32 PM

ම ගැටලු ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පවරා ඇතැයි රජය ආරංචි මාර්ග කියයි. ??? මේකට ඉන්දියාව නැතුව විසදුමක් ඇත්තෙම නැද්ද ? විකුණන් කන්නේ නැතිව ඵලදායක ලෙස කිරීමට කිසිම ක්‍රමයක් නැද්ද ?

:       48       80

ඇත්ත සත්‍යපාල Thursday, 25 October 2018 03:42 AM

නරියට කුකුල්ලු බලාගන්න බාරදීලා

:       0       73

Ranga Thursday, 25 October 2018 04:44 AM

මට තේරෙන්නෙ නැත්තෙ මේකයි...ඩොලර් 'බිලියන 235' කට මොකක්ද තියෙන ගැටලුව සහ ඉන්දියාවට මත්තල ඒ ගාණට ගන්නවට වඩා ලාබයි මුහුද මැද්දෙ දූපතක් හදල ඒකෙ එයාර් පෝට් එකෙක් හදන එක...ඩොලර් මිලියන 235 මත්තල බදු දෙනව කියන එක ජාතික ප්‍රශ්නයක් තමයි..ඒක කුණු කොල්ලෙට දීමක් නෙ...

:       21       17

මෝඩයා Thursday, 25 October 2018 05:37 AM

හම්බන්තොට විශාල නිදහස් වෙළද කලාපයක් සහ කාගෝ නගරයක් ඉදිකර සියලුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මත්තලට යොමු කලානම් හොදයි කියල හිතෙන්නේ මට විතරද?

:       0       136

dasun Thursday, 25 October 2018 05:57 AM

අපිට අපේ ජාතියේ දියුණුවට යොදාගන්න පුළුවන් සම්පතක් පටු දේශපාලන කුහකකම් නිසා විදේශයන්ට බිලිදෙන ක්‍රියාව ඉදිරියටම ගෙනයන්න. මත්තල අපේ රටට වැඩක් ගන්න බැරි තැනට පත්වුණේ ගිය ආණ්ඩුවේ වරදින්ම නොව අලුත් බිස්නස් ගොඩනගන්න බැරි රෑනක් 2015 බලයට ආපු නිසයි. ලංකාවේම පුද්ගලික අංශයට දුන්න නම් ඔයිට වැඩිය දහ ගුණයක් වැඩ පෙන්නලා මේ වෙනකොට. මේ කට්ටිය දැන් ඔය බිල්ඩින් වල කාලි විකුණන් කන්න තමයි දන්නේ.

:       106       151

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31225 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13392 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10975 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 912 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site