IMG-LOGO

මත්තලට එන ගුවන් යානා සඳහා වසර දෙකක් යනකන් ගාස්තු අයකරන් නෑ

(සුජිත් හේවාජුලිගේ )

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන aසියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම ගාස්තු මෙසේ නිදහස් කර ඇත්තේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගුවන් යානා සහ ගුවන් මගින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස යයිද ඇමතිවරයා කීය.

මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලයන් එයාර්,යුක්රේන් එයාර් ලයින්,ඉන්ඩිගෝ,එයාර් ඉන්ඩියා,එයාර් විස්තාරා,සලාම් එයාර් ,එම්රේට්ස් සහ මෝල්ඩිවියන් එයාර් යන ගුවන් සමාගම් සමග සාකච්ඡා අවසන් කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය ගුවන් සමාගම් අටක් මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා එවීම අරඹා ඇති බවත් රණතුංග මහතා පැවසුවේය.

 



අදහස් (8)

මත්තලට එන ගුවන් යානා සඳහා වසර දෙකක් යනකන් ගාස්තු අයකරන් නෑ

සිරිබිරිස් Thursday, 06 May 2021 09:49 AM

එහෙම වත් කරල බලන්න . නැත්තං ඕක වී ගබඩා කරන්නම තමයි වෙන්නේ . ඕකට එන්න මගීන් කැමැති නැහැ . කරදරයක් .

:       3       21

Hafeel Thursday, 06 May 2021 09:50 AM

ඉතින් මෙකින් ප්‍රයෝජනයක් නැහැ නේ කිසිම ආදායම් නැත් නම්. කිසිම සැලසුමකින් තොරව ගසා කන්න කරපු වැඩක්.

:       5       23

Dilshad Thursday, 06 May 2021 10:24 AM

ජනතාව අසරණයි රට ඔබතුමන්ලාගේ

:       4       20

කමල් Thursday, 06 May 2021 10:46 AM

එහෙම නම් සුළු මුදලක් අයකරන්නයි වටින්නේ... එතකොට ගෙවීමට පුරුදු වෙනවා.

:       0       26

සෙනෙවිරත්න Thursday, 06 May 2021 01:24 PM

එතකොට කටුනායකට එන ආදායම අඩු වෙලා ඒකටත් මේ කල දවසම යනව.... ඒක මට විතරද තේරෙන්නෙ?

:       2       5

vikum Thursday, 06 May 2021 11:07 AM

ඒ කියන්නේ රටෙ උතුරන්න ඩොලර්, යූරෝ. වගේ ඒවා පිරිලා, මොන උපක්‍රම දැම්මත් දැන් රට නැතිවෙලා ඉවරයි මහත්තයො...මෙ මගුල මොකෙකුට හරි ගන්න කියන්න, නැත්තම් ආපහු සුද්දනට දෙන්න ජනමතය විමසන්න ඡන්දයක් තියලා

:       5       144

සෙනෙවිරත්න Thursday, 06 May 2021 01:21 PM

දැන් ගාස්තු අඩු කලා කියමු. ඒත් එන්නෙ යන්නෙ මේ රටට එන අය විතරයි නේද? මන් දන්නැති නිසා අහන්නෙ..., අහස්යානා තියෙනවද ඉබාගාතේ යන? නැත්නම් ගමනාන්තයක් නැති? ගෙදරින් තරහ වෙලා බයික් එක අරගෙන හිස හැරුණු දිහාවට යන වගේ අය නැගපු. එහෙම දෙක තුනක් දවසට බා ගත්තොත් ගොඩ. බැරිද කට්ටිය ටිකක් උස ගස්වල නංගලා කොඩි වන වන ඉන්න වගේ දෙයක් කරන්න. කොළඹ යානා මෙතනට ගෙන්න ගත්තොත් ඒකටත් මේ කලදවස උදාවෙන බව මට විතරද දැනෙන්නෙ? නම ගහගන්න බොරු වැඩ කලා දැන් ගෙවපියව් බඩේ ඉන්න ඇයොත් ණය..

:       2       9

de silva Thursday, 06 May 2021 01:35 PM

ගාස්තු අය නොකළත් ඕකට ගුවන් යානා එන්නේ නැහැ. ඒකට හේතුව ඔය ගුවන් තොටුපළ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටීම.. ඕක තවදුරටත් පවත්වාගෙන යාමෙන් මසකට කෝටි කිහිපයක පාඩුවක් දරන්නට රජයට සිදුවේ. දැනට කළ හැකි හොදම විකල්පය කටුනායක පිහිටි ගුවන් හමුද කදවුර මත්තල ස්ථාපිත කිරීම පමණි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 269 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site